
(නිමල් ජයරත්න)
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු 26 වෙනිදා සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගත් බව පොළොන්නරුව කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි.
ඒ සඳහා විකල්ප මාර්ග ලෙස මනම්පිටිය හරහා දෙහිඅත්තකණ්ඩිය බකමූණ මාර්ගය භාවිතා කල හැකි බව පොළොන්නරුව ආපදා කළමනාකරන කාර්යාලය මහජනතාවට දැනුම් දීමක් කරයි.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ එහි දොරටු දහයම අඩි එක බැගින් විවෘත කිරීමට,පියවර ගත් බවත්, ඉන් තත්පරයට ගණ අඩි දාහක ජලධාරිතාවයක් මහවැලි ගඟට මුදා හැරෙන බව පොළොන්නරුව වාරි ඉංජිනේරු අංජන අබේසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
එම දොරටු දහය අද (26) රාත්‍රිය වනවිට අඩි තුන බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බවද අබේසිංහ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි