(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි)

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පේරක කලාපයට අයත් කළාඔය නිළබැම්ම ප්‍රදේශයෙ පිහිටි දැවැන්ත ගස් කැපූ සැකකරුවන් අට දෙනකු ඊට යොදාගත් සමග යන්ත්‍ර සුත්‍ර තොගයක්  සමග  අත්අඩංගුවට ගත් බව කරුවගස්වැව අඩවි වනජීවි කාර්යාලකියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නිලබැම්ම ප්‍රදේශයෙ පදිංචි කරුවන් සිව් දෙනකු හා රාජාංගනය ප්‍රදේශවල පදිංචි තවත් සිව් දෙනෙකු ඇතුළු අට දෙනෙක් බව වනජීවි නිළධාරින් පවසයි.

විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමට අයත් පේරක කලාපයෙ පිහිටි වසර 300 කට පැරණි දැවැන්ත ගොඩ කිරීල්ල ශාඛයක් ඇතුළු තවත් ශාක 17 ක් කැපිම සදහා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්වරයා  ලබා දී ඇති බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් මෙම දැවැන්ත සංහාර සිදුකර ඇති බව කියයි.

ඉඩම දිර්ඝ කාලින බදු පදනම මත වගා කිරීමට ලබා දීමට පෙර  කිසිදු ලෙසකින් ජාතික වන උද්‍යාන මායිම් සැලකිල්ලට ගෙන නොමැති බවත් එලෙසම මායිම් නොසලකා හරමින් අදාල ශාඛ කැපිමට ප්‍රාදේශීය ලේකම් අදාල බලපත්‍ර නිකුත් කර ඇති බව කියයි.

මේ පිළිබදව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතාගෙන් කල දුරකථන ඇමතුමට පිළිතුරු ලබා දෙමින් මෙසේ පවසන්නට විය.

“ මේ ගැන අදාල ග්‍රාම නිළධාරි ලබා දුන් වාර්තාවක් මත තමයි බලපත්‍ර ලබා දීම සිදුව ඇත්තේ අනික කළාඔයෙන් මෙහා කොටස විල්පත්තුවට අයිති නම් මායිම් ලකුණු කර තිබේන්න ඕනා කිසිම මායිමක් නැතිව අපි කොහොමද දන්නේ මේ විල්පත්තුවද තබ්බෝවද කියලා යැයි ඔහු පවසන්නට විය.