IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ප්‍රා.ලේ. කොට්ඨාස 24 කට රතු නිවේදන

( මොහොමඩ් ආසික්)

දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (29) පස්වරුව දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති අතර එයින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 24 කට නාය යෑමේ  රතු නිවේදන නිකුත් කර තිබේ .

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, හල්දුම්මුල්ල, වැලිමඩ, ඇල්ල, සොරණාතොට, කන්දකැටිය, ඌව පරණගම, හපුතලේ සහ  බදුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු නිවේදනයද බණ්ඩාරවෙල, මීගහකිවුල, පස්සර සහ හාලිඇල යන ප්‍රාදේශියලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා  පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල, ගඟඉහළ කෝරළය, පූජාපිටිය, හතරලියද්ද, තුම්පනේ අකුරණ සහ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද උඩපළාත, හාරිස්පත්තුව, දොළුව , පාතහේවාහැට, යටිනුවර,පාතදුම්බර දෙල්තොට, උඩදුම්බර, ගඟවට සහ කඩවත් සතර,මැදදුම්බර සහ උඩුනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ  රතු නිවේදනය නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඕවිට සහ දැරණියගල යන ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද, රඹුක්කන, බුලත්කොහුපිටිය, වරකාපොළ, රුවන්වැල්ල සහ ගලිගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද මාවනැල්ල යටියන්තොට සහ අරණායක යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ රතු නිවේදනයද නිකුත් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ මාවතගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස  සඳහා පළමු මට්ටමේ නිවේදනයද මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, ලග්ගල පල්ලේගම, පල්ලේපොළ අඹන්ගඟ කෝරළය, රත්තොට, නාවුල, විල්ගමුව  මාතලේ සහ උකුවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ රතු නිවේදනය නිකුත් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය සහ අඹන්ගඟ කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද කොත්මලේ සහ හඟුරන්කෙත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මටට්මේ නිවේදනයද වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා තෙවන මටට්මේ රතු නිවේදනයද නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ඇහැලියගොඩ සහ සහ බලංගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපනයක්  සහ දෙවම මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 100 ඉක්මවු වර්ෂාපතනයක්ද තුන්වන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවලට පසු ගිය පැය 24 ක කාලය තුල මිලි මිටර් 150 ඉක්වමූ වර්ෂාපනයක් ද ලැබී ඇති බවත් තව දුරටත් එම ප්‍රදේශවලට වැසි පවතී නම් ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්  ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

ප්‍රා.ලේ. කොට්ඨාස 24 කට රතු නිවේදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1542 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site