
(ගයාන් සූරියආරච්චි)
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මගීන් රැගෙන අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බස්රථ දෙකක රියැදුරන් දෙදෙනකුගේ රියැදුරු බලපත්‍ර පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව කඩවත පොලිසිය පවසයි.
මෙම බස් රථ දෙක ගම්පහ - කොළඹ සහ කොළඹ - මහනුවර ධාවනය කරනු ලබන පෞද්ගලික බස් රථ දෙකක් බව පොලිසිය කියයි.
මෙම රියැදුරන් දෙදෙනා එකිනෙකා අභිබවමින් මගීන් අනාරක්ෂිතභාවට පත්කරමින් මාර්ගයේ අපරීක්ෂාකාරීව ධාවනය කළ බව පොලිසිය කියයි.
ඒ අනුව මෙම බස් රථ දෙක කිරිල්ලවල ප්‍රදේශයේදී පොලිසිය විසින් නවත්වා රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර පොලිස් භාරයට ගත් බවත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවැසීය.
බස්නාහිර උතුර බාර සහකාර පොලිස් අධිකාරී II අර්ජුන කොඩිකාර මහතාගේ උපදෙස් පරිදි කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙම පාරෙ දුවන්න නම් දෙන්න එපා, පාරෙ හිඟා කකා පවුල නඩත්තු කරන්න කියන්න.
කොළඹ සිට ගම්පහට කි.මී 32යි. ඉස්සර මේ ගමනට ගතවූ කාලය විනාඩි 70 විතර.දැන් විනාඩි 120-130 විතර සාමාන්‍ය කාලය. මේක මිනිස්සුන්ගේ කාලය විනාශ කිරීමක් නොවේද? ප්‍රවාහන අධිකාරියට මේ කාලය විනාශය නවත්තන්න බෑරි ඇයි.....
හොද වැඩ මහජනතාවට සේවය සපයන පුද්ගලයන් තුල විනය තිබීම අනිවාර්ය වේ
ලංකාවට තියන තවත් කොඩිවිනයක් තමයි ප්‍රයිවට් බස් .පාතාලයත් එකයි මොවුනුත් එකයි
මාර්ග බලපත්‍රය මාස 06කට නැවැත්තුවා නම් හොඳයි.