(අජන්ත කුමාර අගලකඩ)
පෙර පාසල් ගුරුවරියන් සදහා රුපියල් 2,500ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .
ගුරු අභිමානී වැඩසටහන යටතේ මෙම මුදල ගෙවීමට නියමිත අතර පෙර පාසල් ගුරුවරියන්25000 කට පමණ මෙමගින් ප්‍රතිලාභ හිමි වනු ඇත .
පෙර පාසල් ගුරුවරියන් සඳහා වන මෙම දීමනාව අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට නියමිත ය .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෙර පාසල් ගුරුවරියන්ට 2,500ක මාසික දීමනාවක්
sakalabujan Tuesday, 01 June 2021 03:44 AM
උපාධියක් තිබ්බා කියලා රජයෙන් රස්සාවක් ලබාගෙන හරි හමන් වැඩක් ඵලදායිතාවයකින් තොරව කරන පිරිසක් නිසා රටක් විදිහට අපට ගොඩ එන්න බෑ. දැන් හැමෝම බලන්නේ නිකම් ඉඳලා කීයක් හරි රජයෙන් ලැබෙන විදිහක්. රටේ ආර්ථිකයට කෙලින්ම අාදායමක් උපයන්නේ නැති අයට ඡන්ද ගුණ්ඩු විදිහට නිකම් සල්ලි දෙන්න ගිහින් තමයි උද්දමනය වැඩි වෙලා තියෙන්නේ...? පව් ඉතින් රු 2,500 මොනවා කරන්නද? අද කාලේ, ගුරුවරුන්ට වැරද්දක් කීවා නෙවෙයි මම ඔන්න..
kamal Tuesday, 01 June 2021 04:21 AM
අපේ ආචාරය..!!! 5000 මාසයකුත්, 2500 මාස භාගයකුත් කාලා ඇඳලා ඉන්න පුළුවන්.. රට දියුණු වෙන වේගෙ හිතාගන්න බැහැ.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 01 June 2021 05:24 AM
හොඳ වැඩක්. ඒ මුදල ඔවුන්ට ප්‍රයෝජනවත් වේවි...!!!
සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 01 June 2021 06:40 AM
මුලින් මේ මුදල ගෙවා පසුව ඔවුන්ව සුදුසු වැටුප් තලයක තියන්න. අද කාලේ වියදම් වල හැටියට මේ මුදල කෙසේවත් ප්‍රමාණවත් නැහැ. ඒත් පසුව ඔවුන් සුදුසු වැටුප් තලයක තබන්න. පෙරදී රුපියල් 1000/= වැටුප් පත්වීම් ලබපු අය අද නිසි වැටුප් තලයක පිහිටුවා තිබෙනවා. ඒත් වචනයෙන් නොව එය ක්‍රියාවෙන් ඔප්පුකළ යුතුයි.
විපරමා Tuesday, 01 June 2021 06:22 AM
ආර්තික ඔස්තාර් කිව්වත් වගේ 2500ක් ලැබිලා තියෙනවා. කාටද ආඩම්බර?
ushika Tuesday, 01 June 2021 07:18 AM
හොඳයි..
මංජුල milano Tuesday, 01 June 2021 07:19 AM
2500 ÷ 30 = රුපියල් 83 සත ගණනක් ... දාන්නම වැඩේ..