
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පෙර පාසල් ගුරුවරියකගේ දරුවන් තිදෙනා කපා කොටා මරා දමන බව පවසා භිය ගන්වා ඉල්ලූ රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමට යාමේදී හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ග්‍රාම නිලධාරී වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා හෝමාගම පිටිපන දකුණ සුවපුබුදුගම ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරියකගේ දරුවන් තිදෙනා කපා කොටා ඝාතනය කරන බවත් එසේ නොවුණහොත් වැඩිමහල් දියණියට ඇසිඩ් ගසා විකෘති රූපීව මහ පාරේ ඇවිද වීමට සලස්වන බවත් පවසා භිය ගන්වා රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් මාස දෙකක පමණ සිට ඉල්ලා තිබේ.
එහෙත් එම මුදල ලබා දීමට පෙර පාසල් ගුරුවරිය සතුව නොමැති වීම නිසා දිගින් දිගටම සැකකරුගේ තර්ජන වලට පෙර පාසල් ගුරුවරිය පත්ව තිබේ.
මේ හේතුවෙන් පෙර පාසල් ගුරුවරියගේ රාජකාරිය කටයුතු සහ සිය දරුවන් තිදෙනා පාසල් යාම ආදී පෞද්ගලික ගමන් බිමන් යාම වැනි දෑ පවා නොකොට සැඟව සිටීමට සිදුව තිබූ බව පැවසේ.
මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රටේ තත්ත්වය... මේ ගෑණිටත් මිනහෙක් නැද්ද..? කාලකන්නි ග්‍රාම සේවකගේ ඉදන් පාතලේ...!
රාජ්‍ය සේවකයෝ? වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්දෝ...!
ලැජ්ජයි... ඕකට හොඳම උත්තරය ලක්ෂ 20ක් වන්දි අරන් දෙන එක...
මේ මිනිහා කොහොමද "ග්‍රාම සේවකයෙක්" වුනේ?
ග්‍රාමයො කොහොමත් පට්ට අපතයින්...