(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පොලිස් සැරයන් වරයකු සහ ඔහුගේ පවුලේ පිරිස ගමන් ගත් මෝටර් රථය ආණමඩුව තට්ටෑව වැව ආසන්නයෙදී මහ හරස් කරමින් පහර දී ඇතැයි පොලිසිය කියයි .

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙ සේවය කරනු ලබන පොලිස් සැරයන් වරයකු හා ඔහුගේ බිරිදගෙ මව බව පරික්ෂණ පවත්වන ආණමඩුව පොලිසිය කියයි.

ගුරුවරියක වන තම බිරිද සමග ඇගේ ගම වු ආණමඩුව වල්පාළුව ප්‍රදේශයට පැමින දරුවන් හා බිරිදගෙ මව සමග ආණමඩුව නගරයට ගමන් කරමින් සිටියදී යතුරු පැදියක නැගි පැමිණි තිදෙනකු පොලිස් නිළධාරියා ඇතුළු පිරිස ගමන් ගනිමින් තිබු මෝටර් රථය නවතා වාහනයෙන් එළියට ඇද පහර දීම සිදුව ඇති බව කියයි.

යතුරු පැදියකින් පැමිනි සැකකරුවන් තිදෙනා පොලිස් සැරයන් වරයාට හෙල්මට් වලින් හා අතින් පයින් දරුණු ලෙස පහර දී ඇති අතර එය දැක ඔහුගේ බිරිද දැඩි කම්පනයට පත්ව ඇති බවත් දරුවන් ද බියට පත්ව ඇති බව පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබේ.

තම බැණාට මෙම පිරිස පහර දීමෙන් කම්පනයට පත් නැන්දණිය මෝටර් රථයෙන් එළියට බැස එය වැලැක්විමට උත්සහ කර ඇති බවත් එහිදි ඇයටද මෙම සැකකරුවන් හෙල්මට් හා අතින් පහර දී ඇති බව කියයි. එම පහර දීම වැලැක්විමට තට්ටෑව ප්‍රදේශයෙ පිරිසක් උත්සහ දරා ඇති බවද වාර්තා වෙයි.

පහර කෑමට ලක්වු පොලිස් සැරයන් වරයාගෙ නැන්දණිය ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි. කෙසේ නමුත් මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවන් අතරින් එක් අයකු පමනක් ආණමඩුව පොලිසිය 10 දින අත්අඩංගුවට ගෙන තිබු නමුත් ඉතිරි දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පවසයි.

මෙම පහර දීමට හේතුව ලෙස අත් අඩංගුවට ගත් සැකකරු පොලිසිය පවසා ඇත්තේ පොලිස් සැරයන් වරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගය ඉඩ නොදිම නිසා මෙම පහර දීම හේතුවු බවයි.