( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පයාගල පොලිස් බාරයේ තිබූ පිස්තෝල ගිනි අවියක් නැති වී ඇතැයි පයාගල පොලිසිය කියයි.
එම ගිනි අවියට අයත් ජීව උණ්ඩ 6 සහ මැගසීනය ගිනි අවි බහාලන ආරක්ෂක පෙට්ටියේ තිබී හමු වී ඇත.
නැති වූ ගිනි අවිය මීට දින 2 කට පමණ පෙරදී දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති වරයා වන උප පොලිස් පරීක්ෂක වරයා රාජකාරි සදහා රැගෙන ගොස් එදිනම උප සේවා රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල් වරිය වෙත භාරදුන් බවට අදාල පොත් පත් වල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
ඊයේ දහවල් අදාල උප පොලිස් පරීක්ෂක වරයා රාජකාරි සදහා රැගෙන යාමට අදාල ගිනි අවිය උප සේවා රාජකාරියේ නිරතව සිටි නිලධාරීයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී එය නැති වී ඇති බව දැනගෙන ඇත .
ගිනි අවිය නැති වීම සම්බන්ධයෙන් කලුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති විජිත් ගුණරත්න පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී නිශාන් සිල්වා මහතා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය අස්සේ ඉන්නෙත් හොරුනේ... ඉතින් කොහොමද අපි පොලිසිය විශ්වාස කරන්නේ?
අයියෝ අයියෝ ඔකවත් බලාගන්න බැරිද හැබෑටම...?
ජනාධිපතිතුමනි, තමන්ගේ පිස්තොලේ ආරක්ෂා කරගන්න බැරි පොලිසිය කොහොමද සාමාන්‍ය ජනතාව වන අපිව ආරක්ෂා කරන්නේ? කරුණාකර පොලිසියත් හමුදාවටම බාර දෙන්න. මක්නිසාද යත් පහුසිය දිනවල අපි දැක්ක හමුදාවේ විනය, ශික්ෂණය සහ කැපවීම
අපිට දාන සද්ද හැටියට බයේ බැහැ. ඒ වුණාට මොකවත් තියාගන්න බැරිද හැබෑටම...!!!
පොලිසියේ හැටි ඔකෙන්ම පේනවා
ඕක පොලීසියෙන්ම අතපසුවීමකින් වෙනත් තැනක තියන්න ඇති. මේ දිනවල පොලීසි වල ගොඩක් කලබල.