(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
සැමියා විසින් මවට එල්ල කළ උදලු මිට පහරක් වැදී රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු 17 හැවිරිදි දරුවා අද (12) මිය ගිය බව පොලිසිය පවසයි.
බලන්ගොඩ මස්සැන්න වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නවින් ධනන්ජය නැමැති දරුවා එලෙස මිය ගොස් තිබේ. ඔහු බලන්ගොඩ විද්‍යාලෝක මධ්‍යම මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකි.
ඔහුගේ හිසට වැදුණු උදලු මිට පහරක් හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍යය තත්ත්වයට පත් වී බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලැබූ අතර පසුව අද මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
බලන්ගොඩ පොලිසියේ නිළධාරීන් සහ රත්නපුර අපරාධ පරික්ෂණ කොට්ඨාස නිලධාරීන් කණ්ඩායමක් විසින් එම දරුවා පදිංචිව සිටි නිවස පරික්ෂා කර පහර දීමට සම්බන්ධ සැකකාර පියා අත්අඩංගුවට ගැණිනි.
ඔහු බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් එම්.එන්.ගුණවර්ධන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල වලවුවත්ත ප්‍රදේශයේ පදිංචි නීල් ජයරත්න(39) නැමැත්තකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ මරුමූස් මිනිස්සු සමග ජීවත් වෙන්න සිදු වෙන එකත් මහා පාපයක්. දැන්වත් ඒ අම්මා එතනින් නිදහස් වේවා. පුතු ගේ මතකය ඉතින් ජීවත් වෙන තුරු දුකක්.