IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පිය සෙනෙහස අහිමි දරුවන් පස් දෙනා දින ගණන් කුස ගින්නේ

(එම්.සුසිල් ප්‍රියන්ත)

රෝගී තත්වයට බෙහෙත් නැතිව මියගිය පියාගේ දරුවන් පස් දෙනා මේ වන විට කුසට ආහාරක් නොමැතිව දැඩි ලෙස අසරණවී ඇති පුවතක් බලපිටියෙන් වාර්තා වේ. 

බලපිටිය කොස්ගොඩ පදිංචිව සිටි මනෝජ් ප්‍රියන්ත රෝගී තත්වයට බෙහෙත් මිලදී ගැනීමට නොහැකි වීම නිසා රෝගය උත්සන්න වී ජීවිතයෙන් සමුගත්තේ දරුවන් පස් දෙනා සහ භාර්‍යාවට ද ජීවත්වීමට මඟමයාමට ඉඩහසර විවර කරමිනි.

පිය සෙනෙහස හ ආරක්ෂාව අහිමි වීමෙන් පසු පවුලේ ආර්ථිකය එහේම පිටින්ම කඩාවැටිණි.  පස්දරු මවක තම දරුවන් පස් දෙනා ජීවත් කරවීමට අපමන වෙහසක් දරති.

පාසල් යන වයසේ දරුවන් සිව් දෙනකු හා අවුරුදු එකහමාරක දරුවකු ජීවත්කරවීමට  ජීවිතයෙන් සමුගත් මනෝජ් ප්‍රියන්තගේ භාර්‍යාව වන සුජීවනී ද සොයිසා ගන්නා වෙහෙස දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.

පාසල් යන මේ සිව් දරුවන් පාසල් යැවීම කෙසේවෙතත් ඔවුනගේ බඩකට තුන් වේල පිරිමසා ගැනීමට අද ඇයට නොහැකිවී ඇත්තේ මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්කය. තවද මේ දරුවන් ජීවත් කිරීමට සුජීවනීට කුලියක් මලියක් සොයා ගැනීමටවත් යාමට නොහැක්කේ තවමත් කිරි බොන වයසේ සිටින අවුරුදු එකහමාරේ දරුවා නිසාය.

මේ දරුවා සමහර දිනවලදී මව් කිරි බීමට ගොස් මර ලතෝනි දෙන්නේ කිරි එරීමට තරම්වත් ආහාරයක් තමා නොගන්නා නිසා බව සුජීවනී අප සමග කීවේ දෙනෙතේ ගැලූ කදුලු දෙඅත්ලෙන් පිස දමමිනි.

අනේ මගේ මහත්තයට බෙහෙත් ගන්න සල්ලි තිබුන නම් අවුරුදු තිස්නවයක් වගේ අඩු වයසින් ජීවිතයෙන් සමුගන්න වෙන්නේ නැහැ.

ඔහු අවසන් දවස්වල මගෙන් කන්න ඉල්ලුවා. මම කොහෙන්ද දෙවියනේ සැමියට කන්න දෙන්න දේවල් දෙන්නේ යයි කියනා විට සුජීවනී දැඩි ලෙස සංවේදී වූවාය.

මගේ මේ දරු පැටව් පස් දෙනා අනන්තවත් බඩ ගින්නේ ඉදලා තියෙනවා.පොඩි දරුවා සමහර දවස්වලට කිරි ඉල්ලා අඩනවා.

මම මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ මහත්තයෝ යයි සුජීවනී කෑමොර දුන්නේ හිතේ තිබූ වේදනාවටය.

ඇයට ශක්තියක් විමට කැමැති අයෙක් වෙතොත් එච්.එස්.ද සොයිසා නමින් අහුන්ගල්ල ලංකා බැංකුවේ 88734631 ගිණුම් අංකයට මුදල් බැර කල හැකිය.



අදහස් (7)

පිය සෙනෙහස අහිමි දරුවන් පස් දෙනා දින ගණන් කුස ගින්නේ

uditha Thursday, 31 October 2024 06:26 PM

පුළුවන් උපකාරයක් කළා.

:       0       2

Uditha Sanjeewa Thursday, 31 October 2024 06:31 PM

දැනට කළහැකි උපකාරයක් කළා. කරුණාකර ගමේ ග්‍රාමසේවක දනුවත් කරන්න . පව් අසරණ ළමයි.

:       0       2

Mohan mangala Thursday, 31 October 2024 08:44 PM

හිටපු ජනාධිපතිවරුන්ට දැන් වරප්‍රසාද නවත්වලා මේ මිනිස්සුන්ට පිහිට වෙන්න.

:       0       1

Indika Friday, 01 November 2024 06:21 AM

මට මෙයාගේ දුරකථන අංකයක් දෙනවද?

:       0       2

Serendib Friday, 01 November 2024 10:31 AM

ඔවුන්ගේ ඊමේල් ඇඩ්‍රස් එවන්න.

:       2       1

Thusitha Niroshan Friday, 01 November 2024 02:17 PM

දුරකථන අංකය, ඊමේල් ඇඩ්‍රස් එක එවන්න පුළුවන්ද?

:       1       0

එම.සුසිල් ප්‍රියන්ත Friday, 01 November 2024 03:50 PM

මේ දරු පවුලේ මවගේ දුරකතන අංකය 0742974062 වේ... ඊමේල් නැත

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site