(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මොගවොට් 700 ක ඌනතාවක් ඇතිවීමෙන් හෙට (23) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (22) පස්වරුවේ පැවසීය.
පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා ඒ බී සහ සී කාණ්ඩවල විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 40 ක් ලෙස ද, සෙසු කාණ්ඩවල පෙරවරු 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 30 ක් ලෙස ද සිදුවන බවත් රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි තත්වයක් ලෙස සලකා මෙගාවොට් 500ක සූර්ය පැනල ව්‍යාපෘතියක් අරඹන්න. හමුදාව සම්බන්ධ කරගෙන ඉතා කෙටි කාලයක් තුළ මෙය කළ හැකියි...!
මෙච්චර හිරු එළිය තියෙන රටේ විදුලිය දෙන්න තෙල් එනකම් බලාගෙන ඉන්න සිදුවීම ඇත්තටම ලැජ්ජයි...!
මීළඟ දිනයේදී විදුලිය කපන පැය ගණන නිවැරැදිව සඳහන් කර වටිනා ඉටි පන්දම් පෙට්ටියක් දිනා ගන්න. කෝ අර ලොකුගේ පප්පා. තාම සිංගප්පූරුවේද?
දින කීපයකට පෙර විදුලිය කපන්නේ නැතැයි කියූ වීරයා දැන් ආඩම්බරයෙන් කියනවා දවසකට පැය හතරකට වඩා විදුලිය කපනවා යැයි කියලා... මෙහෙම ගියොත් දවසට පැය 24 මදිවෙයි එයාට විදුලිය කපන්න.
අපේ ගෙදර ළඟ පාසැලක් තියෙනවා. මේ දවස්වල පාසැල් නිවාඩු දීලා එහෙත් අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසල්වල පැය අටක් රැඳී සිටිනවා. පාසල් වසා ඇති පසුබිමක ඔවුන්ට කරන්නට ලොකු කාර්යයකුත් නැහැ. නිකන් හිතමු ලංකාවේ පාසල් දසදහසකට වැඩියි. මේ සෑම පාසලකම අනධ්‍යයන කාර්ය මණ්ඩලය කැඳවා ඇත්නම් දවසකට ක්‍රියාත්මක වන විදුලි පංකා ප්‍රමාණය දසදහසකට වැඩියි නේද? දැල්වෙන විදුලි බුබුළු ප්‍රමාණය දසදහසකට වැඩියි නේද? මේ තත්වය අධ්‍යාපන බලධාරින්ට තේරුම් ගැනීමට ශක්තියක් නැතිවීම කණගාටුවට කරුණක්.. මේ සේවකයින් දිනපතා පැමිණිමේදි ගම්වල අපි දකින්නේ නිවාඩු කාලවල ඔවුන්ටද නිවාඩු දෙන්නේ නම් හෝ සතියකට දින දෙකක් පමණ කැඳවන්නේ නම් දවසකට නිකරුණේ ක්‍රියාත්මකවන දසදහසකට අධික විදුලි පංකා ප්‍රමාණයක් නතර කිරීමටත්, එමගින් විශාල විදුලිය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමටත් හැකියාවක් තිබෙනවා නේද යන්නයි. විදුලි අර්බුදයට විසඳුමක් ලෙස විදුලිය කපා හැරීමේදී ඉහත සඳහන් කළ කරුණු පිළිබඳවත් සිතන්නට බලධාරින්ට මොලය පහල වෙනවා නම් හොඳයි.
ඕක පැය 24 ම කපන්න... එතකොට ආර්ථිකේ හිටු කියලා නැගිටීවි. අඩුම තරමේ හරි වෙලාවක් කියන්න බැරිද?... නිදාගන්නවත් ඒ වෙලාවට.
සර්ට සහ ආණ්‌ඩුවට උම්බෑ කියාගන්නවත් බෑ. සර් රටත් නිකම්ම ෆේල් කරවනවා. අපේ තරුණ පරපුර පව්. අනාගත්ත රජ පාලනය...!
එහෙම නැතිව පැය 24ක්ම විදුලිය කපල දාලා, විදුලි බල මණ්ඩල වහල දාලා.., ආණ්ඩුවත් ගෙදර ගියා නම් නරකයිද?
ඒ ලෙවෙල් ඉවරද දන්නේ නැහැ. මහ ලොකුවට කපන්න දෙන්නේ නැහැ. අපේ ඉංජිනේරුවන් බලලා කියන්නේ අනම් මනම් කිව්වා. දැන් මොකක්ද? ඒ ලෙවෙල් විතරද...? කලින් ඉඳලාම පැය ගානේ හරි කැපුවානම්, අවම වශයෙන් වතුර, තෙල් ටිකටික හරි ඉතුරු වෙනවා. ඔව්... ඩීසල් මාෆියාවට අනිවාර්යයෙන් අවසර දෙන්න එපා. ඒක හරි. නමුත් වතුර ටික ඉවර කරගෙන ලොකු ටෝක්ස් දුන්නු එක නම් වැරදියි. දැන් ඔන්ලයින් වැඩ කරන අපි මොනවද කරන්නේ..? පැය දෙක තුන රැට කපන්න ගත්තාම.. අපි ගෙන්නේ ඩොලර්, කෝ අපිට කිසිම දෙයක් නැහැනේ... පාර්ලිමේන්තුවට ගියාම කොච්චර දෙවල් දෙනවාද? අඩුම ගානේ අපිට සෝලර් සිස්ටම් එකක් දාගන්න සහනයක් දෙන්න.. ඒකෙන් රටටත් හොඳයි.
මෙත් මල් පිබිදේවා..! සිත්තුළ මෙත්මල් පිබිදේවා...!
කොළඹ 3,5,6 මේ එකකටවත් අයිති නැද්ද? අනෙත් ඔක්කොම පළාත්වල කපලා මේ පළාත්වලට විතරක් කප්පන්නේ නැත්තේ ඇයි? මේ පළාත්වල ඉන්නේ සුපර් මෑන්ලද?
අවුලක්ම නැහැ මොකක් කිව්වත් අපි කල්තියාම ඉටිපන්දම් අරන් තියාගත්තා. තව බයිසිකලයක් තමයි අඩු පාඩුවට තියෙන්නේ...!
සර් තමයි හොඳටම කරන්නේ... බයියන්ට දැන් සැපද?
අනේ අපේ රටට වුණු දෙයක්...!