(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා ක්‍රියාත්මක විදුලි කප්පාදුව හෙට (6) සිට 8 වැනිදා දක්වා තව දුරටත් පැය 3 යි මිනිත්තු 20 ක් ලෙස පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

 ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 20 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.