(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරු පැදි වලින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා පැය ඉකුත් පැය 72 ක කාලය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුමේදී මාර්ගයේ භාවිතයට නුසුදුසු යතුරුපැදි 450 ක් පොලිසිය බාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි .
එම කාලය තුළ ලබාගත් මුලු නඩු සංඛ්‍යාව 13320 ක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
මේ අතර බීමත්ව රිය පැදවූ යතුරුපැදිකරුවන් 398ක්,අධික වේගයෙන් යතුරු පැදි පැද වූ පුද්ගලයන් 129ක්,අධික වේගයෙන් යතුරු පැදි පැදවූ 108ක්,ආරක්ෂක හිස් වැසුම් නොමැතිව යතුරු පැදි පැදවු පුද්ගලයන් 1977 ක් ,බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1303ක්, මාර්ග නීති නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු 2806 ,වෙනත් වැරදි සම්බන්ධයෙන් නඩු 6186 යටතේ මෙසේ නඩු පවරා ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි, පොල්තෙල් නඩු නම් පැත්තකවත් නැතිව ඇති... මහත්තයා ගෙදර කන්නේ බොන්නේ පොල්තෙල් දාලාද? දෙවි පිහිටයි අපි සැමටම..
ත්‍රීවීල් වල වැරැදි කරන අයත් අල්ලන්න.
පණ අදින ආණ්ඩුව පොඩි එකා තලා පෙලා දාන්න කළ උත්සාහයක්...
ඉතාම හොඳයි. හැකිනම් හැමදාම ඕක කරන්න. වේගයෙන් යන යතුරුපැදි කරුවන්ට වෙන දේවල් දැක්කා නේද පන්නිපිටියේ අනතුරින්...? යතුරුපැදි පදවන මල්ලිලා නීතිගරුක කරන්න ඕනේ කොහොම හරි...
ඔව් ඉතින් අපේ පොලීසියට අහුවෙන්නෙ ත්‍රී වීල්, මෝටර් බයිසිකල් විතරයි. සමහර ප්‍රදේශවල හෙල්මට් අහුවෙන්නෙත් නැහැ. කිලෝ 100-200 කුඩු ගේන කවුරුවත් ඇල්ලුවද? ග්‍රෑම් 5-10 විතරයි. මිලියන් බිලියන් වලින් හොරකම් කරන ලොකුලොකු කට්ටිය නම් "නිදොස් කොට නිදහස්" දුප්පත් මිනිස්සුන්ගේ කොත්ත්මල්ලි ඇටෙන්, සීනි ඇටෙන් ගහන බදුවලින් තමයි ඔය පොලිසියේ මහත්වරුන්ටත් පඩි නඩි ගෙවන්නේ...
ඉදිරියෙන් යන වාහනය වමෙන් ඉස්සර කිරීමට යන එක නතර කරන්න.
මේ ඔක්කොම ලයිසන් එක කරගන්න බැරි, රක්ෂණය ගෙවාගන්න බැරි පොඩි මිනිහගේ... හැබැයි අල්ලන්න ඕනේ විනයක් නැතිව පාරේ යන අය. නැතිව අයින්වෙලා යන කෙනාගේ ලයිසන් බැලුවා කියලා අනතුරු අඩුවෙන්නේ නැහැ.
ඉතා හොද කාලෝචිත වැඩක්, දැන් බයික් පදින්නෙ සර්කස් කාරයො. ත්‍රීවීලර් ගැනත් බැලුවා නම් සුපිරියි.