IMG-LOGO

පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,056 ක්

කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ මරණ ගණන ඊයේ (10) 2,000 ඉක්මවා ගියේය .

සිකුරාදා එනම් ඊයේ (10) රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 2,056කි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් පසු ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන එය විය.

එපමණක් නොව දිනක් ඇතුළත වාර්තා වූ කොරෝනා මරණ  ගණන  2,000 ඉක්මවූ පළමු අවස්ථාවද එය විය.

මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 18,545ක් දක්වා ඉහළ ගොස් ඇත .

තවමත් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 18,849කි.

"ද වොෂින්ටන් පෝස්ට්"

055

 



අදහස් (4)

පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,056 ක්

Raveendra Saturday, 11 April 2020 04:11 AM

හරිම කණගාටුයි.සියලුම අහිංසක ලෝවාසින්ට යහපතක්ම වේවා !!!

:       26       38

Raveendra Saturday, 11 April 2020 04:13 AM

අනේ පව්.... රෝගීවී සිටින සැමට ඉක්මන් සුවය ලැබේවා !!!

:       24       33

Chandima Saturday, 11 April 2020 05:06 AM

අර මෝඩ බූරුවා මේකට වග කියන්න ඕනේ.

:       35       200

AjithSaturday, 11 April 2020 05:46 AM

බූරුවා කිව්වෙ බූරු පුතානෝ ද ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site