
(යොහාන් භාසුර)
ගල්අඟුරු ගැටලුව හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම කිසිවිටක එකවර අක්‍රීය නොකරන බවත් ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව පැය 8 ක් හෝ 10 ක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් පැන නොගනින අතරම එසේ වීමට ඉඩ නොතබන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පැවසීය.
නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන ලබන වසරේ අවස්ථා තුනකදී අලුත්වැඩියා කටයුතු සඳහා අක්‍රීය කිරීමට අවසර ඉල්ලා ඇති බවත් ගල්අඟුරු ගැටලුවත් සමඟ එම අලුත්වැඩියා කටයුත්තක් සඳහා එක ජනන යන්ත්‍රයක් පමණක් අක්‍රීය කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.
එම ජනන යන්ත්‍රය අක්‍රීය කිරීම නිසා ජාතික විදුලි පද්ධතියට අහිමිවන මෙගාවොට් 270 ක පමණ විදුලි ප්‍රමාණය ඩීසල්, දැවිතෙල් සහ නැප්තා යන ඉන්ධන භාවිතයෙන් ජනන කරන බව කී අමාත්‍යවරයා දැනට ක්‍රියාත්මක පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුව තව දුරටත් වැඩි ක්ිරීමේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල් අගුරු නැතුව එකකට දර, තව එකකට පොල් කටු දල දුවන්නද අදහස?
රටම අඳුරු කරන්නයි හදන්නේ මේ කාලකන්නින් .තොලොංචි වෙලාම පලයල්ලා
හරි, පැය 9 විනාඩි 30 යි නේ...
ජනන යන්ත්‍ර නඩත්තුව වෙනම කතාවක්... ගල් අඟුරු හිඟවීම නිසා ජනන යන්ත්‍ර නැවතීම නම් වළක්වන්නට බැරි වෙයි...
හැකි අය හෝ සූර්ය බලය භාවිතා කර හැකි පමණින් තම තමන්ගේ විදුලි අවශ්‍යතා සපුරා ගත්තේ නම් විදුලි පරිභෝජනය අඩුවෙලා මේ ප්‍රශ්නයට සහනයක් ලැබෙයිද? කියන්න බැහැ. අපි නොදන්නා මාෆියාවන් ඇති මේ ප්‍රශ්න යට...