
(යොහාන් භාසුර)
ගල්අඟුරු ගැටලුව හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම කිසිවිටක එකවර අක්‍රීය නොකරන බවත් ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව පැය 8 ක් හෝ 10 ක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් පැන නොගනින අතරම එසේ වීමට ඉඩ නොතබන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පැවසීය.
නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන ලබන වසරේ අවස්ථා තුනකදී අලුත්වැඩියා කටයුතු සඳහා අක්‍රීය කිරීමට අවසර ඉල්ලා ඇති බවත් ගල්අඟුරු ගැටලුවත් සමඟ එම අලුත්වැඩියා කටයුත්තක් සඳහා එක ජනන යන්ත්‍රයක් පමණක් අක්‍රීය කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.
එම ජනන යන්ත්‍රය අක්‍රීය කිරීම නිසා ජාතික විදුලි පද්ධතියට අහිමිවන මෙගාවොට් 270 ක පමණ විදුලි ප්‍රමාණය ඩීසල්, දැවිතෙල් සහ නැප්තා යන ඉන්ධන භාවිතයෙන් ජනන කරන බව කී අමාත්‍යවරයා දැනට ක්‍රියාත්මක පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුව තව දුරටත් වැඩි ක්ිරීමේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’පැය 10 විදුලි කප්පාදුවක් වෙන එකක් නෑ’’
sachith Wednesday, 21 December 2022 01:50 PM
ගල් අගුරු නැතුව එකකට දර, තව එකකට පොල් කටු දල දුවන්නද අදහස?
Rexi Wednesday, 21 December 2022 02:37 PM
ඊට වැඩිය පවර් ෆුල් එකක් තියනවා දියවන්නාවේ.බඩ පැලෙන්න කාලා පිටිපස්සෙන් යවන ඒවා දැම්මානම් හරි.අඩුම වශයෙන් එතකොට රටට කියන්න පුළුවන් අපේ අයගේ ශක්තිය කොහොමද?එයාලාගෙන් රටට වැඩක් වෙනවා කියලා.ඕකට පළාත් සභා ,ප්‍රාදේශීය කට්ටියත් එකතු කර ගමු
fairoos Wednesday, 21 December 2022 02:45 PM
රටම අඳුරු කරන්නයි හදන්නේ මේ කාලකන්නින් .තොලොංචි වෙලාම පලයල්ලා
චන්දන Wednesday, 21 December 2022 04:03 PM
හරි, පැය 9 විනාඩි 30 යි නේ...
Sunil Wednesday, 21 December 2022 04:59 PM
ජනන යන්ත්‍ර නඩත්තුව වෙනම කතාවක්... ගල් අඟුරු හිඟවීම නිසා ජනන යන්ත්‍ර නැවතීම නම් වළක්වන්නට බැරි වෙයි...
කිරිපුතා Wednesday, 21 December 2022 06:59 PM
හැකි අය හෝ සූර්ය බලය භාවිතා කර හැකි පමණින් තම තමන්ගේ විදුලි අවශ්‍යතා සපුරා ගත්තේ නම් විදුලි පරිභෝජනය අඩුවෙලා මේ ප්‍රශ්නයට සහනයක් ලැබෙයිද? කියන්න බැහැ. අපි නොදන්නා මාෆියාවන් ඇති මේ ප්‍රශ්න යට...