
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
පෙම්වතියගේ නිරුවත් ජයාරූප ලබාගෙන එම පිංතූර සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් ඇය බියගන්නවා මුදල් ලබාගත් පෙම්වතෙක් රත්නපුර වේවැල්වත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
මෙයට මාස එකොළහකට පමණ පෙර රත්නපුර නගරයේදී අහම්බෙන් මුණගැසුණු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු විස්සක තරුණයකු හා සම්බන්දයක් ඇතිකරගත් රත්නපුර වේවැල්ලත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක තරුණියක මෙම සිද්ධියට මුහුණදි ඇතැයි පොලිසිය පවසයි.
තමා ආදරවන්තයාගේ ඉල්ලීම පරිදි තමාගේ නිරුවත් පින්තූර තමා විසින්ම අරගෙන තම ආදරවන්තයාගේ ජංගම දුරකථනයට යැවූ බව ඇය පිළිගත් බවත් පෙම්වතා තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වු නිසා එලෙස සිදු කළ බව ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ .
නුවරඑළියේ පෙම්වතා රත්නපුරට පැමිණ කිහිප වතාවක් පෙම්වතිය හමුවි ඇතැයි ද පොලිසිය පවසයි .
එහිදී තරුණයා තරුණියට යෝජනා කර ඇත්තේ විවාහ වූ පසු නිවසක් තනා ගැනීමට අවශ්‍ය බවත් එය නුවරඑළිය ප්‍රදේශයේ ඉදි කරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂයක් අවශ්‍ය බවත්ය.
තරුණිය ව්සින් රුපියල් ලක්ෂයක් සිය කැමැත්තෙන් ලබදී ඇති අතර ඊට අමතරව ඇය ගෙල බැඳි පවුම් එකහමාරක රත්තරන් චේන් පොටද පෙම්වතාට ලඹාදි තිබේ .
එම සිදුව්මෙන් පසු ටික දිනකට පසුව නැවතත් එම තරුණියගෙන් සැකකරු මුදල් ඉල්ලා තිබෙන අතර තරුණිය මුදල් නොමැති බව පැවසීමෙන් පසු උඹේ නිරුවත් පින්තූර සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කර ඇතැයි ඇය පොලිසියට පැමිණිලි කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතියට අපූරු දඬුවමක් දෙන්න ගිය පෙම්වතාට මාංචු
රම්බොඩ Friday, 01 November 2024 01:53 PM
අමු ගව දෙනක්නේ මේ ගෑණු ළමයා. අනෙක් ළමයින්ට හොඳ පාඩමක්...
DHARMATILEKE Friday, 01 November 2024 02:55 PM
විවහා වෙන්නම ඕනේ නෑ. තනිකඩ ජීවිතේ නිදහසේ ගතකරන්නේ.
Rasike Gnanaratne Friday, 01 November 2024 03:10 PM
අවුරුදු 22ක ගෑණු ළමයෙකුට නිකන්ම ලක්ෂයක් දෙන්න කොහෙන්ද සල්ලි?