
(සුමිත් පොතුපිටිය)
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් විභාගකිරීම සදහා පැමිණෙන ලෙස දැනුම් දීමට ගිය පොලිස් නිළධාරියකුට අද පස්වරුවේ කඩුවකින් පහරදී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශ නිළධාරියකු මෙසේ පහරකෑමට ලක්ව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පහරදී සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් බව කියන කඩුවද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර එළුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවද පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේවා නතරකරන්න තමයි නීතිවල වෙනස්කමක් කරන්න ඕනේ.