
(ගයාන් සූරිය ආරච්චි සහ ලසන්ත නිරෝෂණ පෙරේරා)
ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමකදී පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට පොල්ලකින් අද (05) පහර දීමෙන් අනතුරුව පෙම්වතිය රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇතැයි සිරිපාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර ගිලීමලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23ක් වන ඩබ්. අහිංසා සමන්මලී ප්‍රේමතිලක නමැති තරුණියකි.
මියගිය තරුණිය කුරුවිට ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර තරුණිය විසින් එම ප්‍රේම සම්බන්ධතාවය නතර කිරීම හේතුවෙන් සැකකරු ඇය සමග කෝපයෙන් සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව එම තරුණිය කිසියම් කටයුත්තක් සඳහා කැටවල සුදගල මාර්ගයේ ගමන් කරමින් සිටියදී සැකකරු එම ස්ථානයට පැමිණ තරුණිය සමග බහින්බස් වී ඇති අතර පසුව පොල්ලකින් ඇයගේ හිසට සහ සවිරයට පහරදී ඇති බව පොලිසිය පවසයි.
එහිදී බරපතල තුවාල ලැබූ තරුණිය රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බවද පොලිසිය කියයි.
දේහය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.
සැකකරු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.
රත්නපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි සිරිපාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(ඡායාරූප: අජිත්ලාල් ශාන්තඋදය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නාම ඉවරයිනේ. ආදරයක් නතර කිරීමට දෙපාර්ශවයට අයිතියක් තියෙනවා. ඒක අනුමත කරන්න ඕනෑ. මේක ආදරය නෙවෙයි කාමුක ඊර්ෂ්‍යාව. මේවා මානසික ලෙඩ. දැන් සනීප කරගනියි හිරගෙවල් ඇතුළේ...
ඔය කියන ප්‍රදේශය ගහලා මරන්න හපන්නු සිටින ප්‍රදේශයක් කියලා අහලා තියෙනවා බොහෝම කාලෙකට පෙර... ඔය ප්‍රදේශයේ විදුහල්පති කෙනෙක් උදෑසනින් පාසලට ඇවිල්ලා දරුවන්ට ගණිතය නොමිලේ ඉගැන්වීම් කර තියෙනවා. ඒ ප්‍රදේශයේ ගණිත වෙළෙන්දෙක් මේක ඉවසීමට නොහැකිව අර විදුහල්පතිතුමා මරලා තියෙනවා. සිදුවුනේ දරුපවුලක් අනාථ වීම තමයි...