
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පොලීසිය කියයි.
අනතුර සිදුවු ස්ථානයේ දීම එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව තිබුණේ තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල අලස්වත්තේ පදිංචිව සිටි වික්‍රමසිංහ ගමාච්චිගේ මිලාන් සමීර (30) නැමැති තරුණයෙකු සහ පොල්හේන කාසිවත්තපුර පදිංචිව සිටි එදිරිසිංහගේ එමල්ෂී හවිස්කා ඩයස් (23) නැමැති තරුණියකි.
මියගිය තරුණයා තෙලිජ්ජවිල සතොස ශාඛාවේ මුදල් අයකැමිවරයෙකු ලෙසද මිය ගිය තරුණිය මාතර නගරයේ පෞද්ගලික ආයතනයක ලිපිකාරිනියක ලෙසද සේවය කර තිබෙන බව කියයි.
ඔවුන් මාතර සිට දෙවිනුවර දක්වා යතුරුපැදියෙන් යන අතරතුර දී මාතර සිට තිස්සමහාරාමය බලා ගමන් කරමින් තිබු පෞද්ගලික බසයේ පිටුපස රෝද වලට යටවී තිබෙන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔය අනතුර දුටුවා. තරුණ යුවලක් එක තැන අවසන් ගමන් ගියා. මේ කාලකන්ණි ආණ්ඩුව තමයි වගකිව යුත්තේ මොකද බදු වැඩි කරලා වාහනයක් ගන්න එක හීනයක්ම කලේ මේ ආණ්ඩුව. ලක්ෂ 10ක් විතර ගෙවලා ගන්නේ මොටර් සයිකල්, ලක්ෂ 20ක් ගෙවලා ගන්න තියෙන්නේ ත්‍රීවීල්, මිල අඩුම කාර් එක ලක්ෂ 70යි. කාටද ඔය මිල ගණන් දරන්න පුළුවන්? ආර්ථික විශ්ලේෂක මහත්තයෙක් කියලා තිබුනා අතදිගහැර වියදම් කරන්න පුළුවන් ඉතාම ධනවත් පුද්ගලයන් පමණක් වාහන මිලදීගන්නා බව, කොටින්ම කිව්වොත් සෙල් වලත් විකුනන්න තියෙන්නේ කොටි දෙක්ලේ තුනේ වාහන. ඔන්න මහජන ඡන්දයෙන් පත්වුණු ආණ්ඩුව මහජනයාට සලකන හැටි.
සාපය රටපුරාම...
හැම එකටම ආණ්ඩුවට බනින එක දැන් රැල්ලක් වෙලා. මේ රැල්ල වැඩි කරලා ආණ්ඩු බලය ගන්න බලන් ඉන්න අයට හුළං...
ඔය ඇක්සිඩන්ට් එක නම් මම දන්නේ නැහැ. අර අයට අනිත් එක නම් ඔක්කොම ඇත්ත. අපිත් හොඳටම කලකිරිලා ඉන්නේ.
ලංකාවේ වාහන ඉස්සර හැමෝටම ගන්න පුළුවන් අඩු මුදලකට තිබුණා වගේ මෙතන සමහරෙකුගේ කොමෙන්ට්. උද්ධමනයත් එක්ක අල්පෙනෙත්තෙ ඉඳලා ඔක්කොම ගණන් වැඩි වෙනවා තමා.
වාහන මිල මේ විදිහට ඉහල දමල තියෙන්නෙ පිනෑන්ස් කොම්පැණි කාරයන්ගෙ ඉල්ලීමට. ජන්ද කාලෙට ජන්ද දායකය වටිනව, බලයට ආපු පසු පිනෑන්ස් කොම්පැණි තමයි වටින්නෙ. ඒකයි මේ සිද්ධිය.
අනේ ඉතින් මොනවා කරන්නද? අපිටත් සල්ලි බාගෙත් නෑ... අපි දුප්පත් පවුලක්.. අපි හොඳටම අසරණ වෙලා ඉන්නේ. අපිටත් කර කියා ගන්න දෙයක් නැතුව මේ ඉන්නේ...!
2024ට කලින් ලංකාවේ බහුතරයක් පැද්දේ කාර්, මහින්ද රාජපක්ෂ කාලේ මොටර් බයික්, ත්‍රිවීල් ඇහකටවත් දැකලා නෑ.
ඔය අනතුර මන් දැක්කේ නෑ. ඒ නිසා නිකන් බොරු කියන්න බෑනේ... ඒ දෙන්නා මියගියා නම් දෙදෙනාටම නිවන්සුව පතමු..
වාහන මිල ගණන් අඩු කළා නම් මිනිහෙකුට පාරේ ඇවිදගෙන යන්නවත් වෙන්නේ නෑ... හප්පලා මරනවා. වැඩි වෙලා තියෙනකොට මෙහෙම නම් අඩු කෙරුවොත් පාරවල් පුරවයි වාහනවලින්...