(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට මෙතරම් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාද වූ නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අතීත එක්සත් ජාතික පක්ෂ අාණ්ඩු මෙවැනිම ආර්ථික අර්බුද සහිත අවස්ථා වල රට බාර ගෙන ආර්ථිකය ගොඩ ගත් අවස්ථා ඕනෑතරම් තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
සමාජ මාධ්‍ය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ පමාවී හෝ මූල්‍ය අරමුදලට යාම හැර වෙනත් විසඳුමක් නැති බව තමා දිගින් දිගටම සඳහන් කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පමා නොවී ලද අවස්ථාවේ හොරු ඇල්ලුවා නම් අද මේ ආර්ථික පාලුවන් ඇතුලේ කූරු ගණන් කරනවා නේද? බොරු පම්පෝරි නැතුව දැන් ඉතින් එලොවට දෙයක් කර ගන්න. වීසා ලැබෙන කාලෙත් හරිනේ...
2015 ලැබුණ බලය පාවිච්චි කලේ මුලින්ම බැංකු කොල්ලකෑමට. බුද්ධිමත්ව කටයුතුවල යෙදුනානම් අද ජනපති නොවේද? සදාකල් විපක්ෂ නායක තනතුර හෙබවීම අරමුණ කරගෙන සිටි ඔබ පක්ෂය විනාශ කළා...
ඔබතුමා කියන දේවල් ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒ තරමට මොලේ...!
පමා නොවී වැහැපන් වැහි වලාවේ... ඩොලර් සමග වැස්සොත් නම් ගොඩක් හොඳේ...
අනේ..! සේරගෙම කටින් බතල තමයි. අර කිව්වා වගේ, දැන් යන තැනකට වැඩක් කරගෙන කට වහගෙන හිටියා නම් හොඳයි.
2015 අගමැතිවුණු වෙලාවේ පමා නොවී හොරු ටික ඇල්ලුවා නම් ආර්ථික පාලුවන් ඇතුලේ කූරු ගණන් කරනවා නේද? එහෙම කළා නම් රටට මේ වින්නැහිය වෙන්නේ නැහැ නේද? එයත් කලේ මෙයාලා වගේම හොරු ආරක්ෂා කළ එක. නිකම් ණයට කහින්නේ නැතුව ඉන්න...
ඔබ කලේ සෑම අවස්ථාවකදීම අයි එම් එෆ් දුවපු එක නේද? අයි එම් එෆ් එකෙන් සල්ලි දෙන්න දාන කොන්දේසි වැඩි කරන්න කියන බදු ගැනත් කතා කරන්නකෝ...!!!
නැතුව ණයට අරන් හොරාකාපු හින්දා එහෙම නෙවෙයි නේද?
අලුත්ම අලුත් හොරෙක් ඕනෑ කර තිබේ. පරණ හොරු ගෙදර යන්න.
ටයි, කෝට් දාගෙන හිඟාකන්න කියලා දෙනවා... ලැජ්ජයි... අවුරුදු 70ක් කළේ ණයට ගෙනැල්ලා කාපු එක... තවත් කරන්නේ ඒකමයි. මේ කට්ටිය හැඳිගෑවිලා ගිය දවසට තමයි රටට ගොඩඒමක් තියෙන්නේ...