IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පීපල්ස් ලීසිං බදු-පසු ලාභයේ සියයට 30.8 ක වර්ධනයක්

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමින් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. වර්ෂයේ මුල් මාස 9 තුළ සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන 2,141 ක් වූ අතර, තුන්වැනි කාර්තුවේ බදු-පසු ලාභය පෙර වසරට සාපේක්ෂව සියයට  30.8 කින් වර්ධනය වී, රු. මිලියන 1,039 ක් ලෙස වාර්තා වී තිබේ.

අක්‍රීය ණය ගාස්තු සහ වෙනත් අලාභය ආපසු හැරවීම ඔස්සේ ළඟා කරගෙන ඇති මෙම වර්ධනය, PLC සමාගමේ මූල්‍ය විශිෂ්ටත්වයට හා ක්‍රමෝපායික මූල්‍ය කළමනාකරණයට මනා සාක්ෂියකි.

අදාල කාලසීමාව තුළ පොලී ආදායම සාමාන්‍ය මට්ටමක පැවතුණද, 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුව තුළ ශුද්ධ පොලී ආදායමේය සියයට 2.8 ක වර්ධනයක් වාර්තා කරගැනීමට PLC සමත් වූ අතර, එය කාර්යක්ෂම මූල්‍ය ක්‍රමෝපායන්ට සහ විචක්ෂණශීලී කළමනාකරණ ක්‍රමවේදවලට සාක්ෂි දරයි.

ණය ගුණාත්මකභාවය වැඩිදියුණු කරගනිමින් අයවිය යුතු මුදල් එක්රැස් කිරීම ප්‍රවර්ධනය කිරීම මගින් යහපත් ප්‍රතිඵල ළඟා කරගැනීමට සමාගම සමත් වී ඇති අතර, 2023 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 තුළ සමාගමේ අක්‍රීය ණය ආපසු හැරවීම මගින් ලැබුණු මුදල රු. මිලියන 114 ක් විය. පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුව තුළ අක්‍රීය ණය ආපසු හැරවීම සියයට 94.4 කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

ශේෂ පත්‍රය සහ ණය හා අයවිය යුතු මුදල් යහපත් මට්ටමකට රැගෙන ඒම සඳහා අඛණ්ඩව අවධානය යොමුකරන අතරම, වෙනස් වන වෙළඳපොළ තත්වය තුළ පැවති යහපත් ව්‍යාපාරික පරිසරයක්  තුළ ශක්තිමත් ලෙස ඉදිරියට යාමට PLC සමත් වී තිබේ. 2023 දෙසැම්බර් 31 දින වනවිට සමාගමේ සමස්ත වත්කම් පදනම රු. මිලියන 156,007 ක් වූ අතර, නිකුත් කළ සමස්ත ණය සහ අයවිය යුතු මුදල් එකතුව රු. මිලියන 102,275 ක් විය.

මීට අමතරව, 2023 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 තුළ බදු-පසු ලාභය සියයට 23.2 කින් වර්ධනය කරගැනීමට PLC සමූහ ව්‍යාපාරය සමත් වී තිබේ. සමූහයේ සමස්ත වත්කම් සහ ණය හා අයවිය යුතු මුදල් එකතුව තෘප්තිමත් මට්ටමක පවතින අතර, එය ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස PLC සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන මනා සාධකයකි.

-595



අදහස් (0)

පීපල්ස් ලීසිං බදු-පසු ලාභයේ සියයට 30.8 ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site