(රංජන් කස්තුරි)
කොළඹ හෝටල් පරිශ්‍රවල හා වෙනත් ස්ථානවල බෝම්බ පිපිරීම්වලින් විදේශිකයින් 45 දෙනෙකු මිය ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (22) රාත්‍රීයේ නිවේදනය කළේය.
එම විදේශිකයින්ගෙන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් 14 දෙනෙකු හඳුනාගෙන නැතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව බංගලාදේශ ජාතිකයන්,චීන ජාතිකයින් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයින් 8 දෙනෙකු,නෙදර්ලන්ත ජාතිකයින්,පෘතුගාල ජාතිකයකු,ස්පාඤ්ඤ ජාතිකයෙකු,තුර්කි ජාතිකයෙකු,බ්‍රිතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමි දෙදෙනෙකු ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි විදේශීකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව හඳුනාගෙන ඇතැයිද එම අමාත්‍යාංශය පවසයි.
තවත් විදේශිකයින් 14 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන නැති අතර ඒවා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
මේ අතර බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලැබූ විදේශීකයින් සංඛ්‍යාව 17 ක් වන අතර ඔවුන් කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් පිරිසක් ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බවද එම අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොළඹ හෝටල් වලට නවතින්න එන වැදගත් සංචාරකයන් නිසා තමයි සංචාරක ව්‍යාපාරයෙන් රටට යම් තරමකටවත් විදේශ විනිමයක් ලැබෙන්නේ. මේ වැඩෙන් රටට ඒ පැත්තෙනුත් ලොකු හානියක් වුනා. ගම් වල තැන තැන නවතින ඒ රටවලත් සත්තු වගේ ජිවත් වෙන සංචාරකයන්ගෙන් එතරම් වැඩක් නැහැ. ඒ අය එන්නේ එහෙ වියදම් වැඩි කාලෙට ලාබෙට අපෙන් කාලා බිලා යන්න.
අපි මේ මරණ වලට වගකිව යුතුයි