(සුජිත් හේවාජුලිගේ)
ඩොලර් ප්‍රශ්නය නිසා පාපැදි මිල සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි පාපැදි නිපදවන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමයේ ලේකම් රිස්නි ඉස්මත් මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව රුපියල් 18,000 ක පමණ මිලකට පැවැති මවුන්ටන් වර්ගයේ පාපැදියක් සහ කාන්තාවන් පවිච්චි කරන කරන පාපැදියක් රුපියල් තිස් හය දාහකට පමණ ඉහළ ගොස් ඇති බව හෙතෙම සඳහන් කළේය.
සාමාන්‍යයෙන් බොහෝ පාපැදි විදේශයන්ගෙන් අමතර කොටස් ගෙනවිත් මෙරටදී එකලස් කිරීම කාලයක සිට සිදුකෙරෙන බවත් පාපැදි අමතර කොටස් සුඛෝපභෝගී භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර සියයට 55 ක පමණ බද්දක් අය කිරීම නිසා පාපැදි මිල මෙලෙස ඉහළ දැමීමට සිදුවූ බවත් ඉස්මත් මහතා ප්‍රකාශ කළේය.
පාපැදි අමතර කොටස් සුඛෝපභෝගී භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කර බද්ද සියයට බින්දුව දක්වා අඩු කර දුනහොත් පාපැදියක් රුපියල් දහනව දාහකට පමණ පාරිභෝගිකයාට ලබාදීමට අනිවාර්යෙන්ම හැකිවන බවද ඔහු කීවේය.
කෙසේ වෙතත් මිල ඉහළ ගියත් පාපැදිවලට ඇති ඉල්ලුම රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වැඩිවී ඇතැයි සඳහන් කරන රිස්නි ඉස්මත් මහතා පා පැදි මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ජනතාව අධික මිල ගණන් නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවද ප්‍රකාශ කළේය.
මේ අතර අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන බොහෝ පිරිස් සිය නිවෙස්වල අබලන් වී පසෙකට දමා තිබූ පාපැදි අලුත් වැඩියා කර පාවිච්චියට යොදාගෙන ඇතැයි වාර්තා වේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පාපැදි මිල සියයට සියයකින් ඉහළට
fairoos Monday, 30 May 2022 04:39 PM
මේ නන්දසේන ඇතුළු නඩය ඉන්නකන් රටට අබ සරණයි..!