
(තිස්ස කොටින්කඩුව)
දිවයිනේ පෙනහලු පිළිකා ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලේ උර කුහර සෛල ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පැවසීය.
විශේෂයෙන්ම පිරිමින් තුළ පෙනහලු පිළිකා ඇතිවීම ඉහළ බව ද ඔහු කීය.
වැලිසර ළය රෝහලේ ශ්‍රවනාගාරයේ පැවැති මාධ්‍ය හමුවක දී ඉද්දගොඩ මහතා මෙසේ පැවැසීය.
මෙම මාධ්‍ය හමුව ජත්‍යන්තර පෙනහලු පිළිකා දිනය වෙනුවෙන් පැවැත්විණි.
පෙනහලු පිළිකාව සම්බන්ධයෙන් ජනතාවට තිබෙන්නේ ඉතා අල්ප අවබෝධයක් බව ද විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පැවැසීය.
වැලිසර ළය රෝහල, කොළඹ ජාතික රෝහල සහ මහනුවර ජාතික රෝහල්වල දත්ත අනුව පසුගිය අවුරුදු 5-10 තුළ රටේ පෙනහලු පිළිකාව කැපී පෙනෙන අයුරින් වර්ධනය වී ඇති බව පෙන්නුම් කරන බව ඔහු පැවැසීය.
පෙනහලු පිළිකාවට ප්‍රධානතම සාධකය දුම් පානය වන නමුත් දුම් පානය නොකරන පුද්ගලයන් පවා අද මෙම රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින බවත් වාතාශ්‍රයේ පවතින වායු දුෂණය ඊට බලපාන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීඩි නිපදවීමට ඉඩ දෙන්නෙ අපිද? ලී, ඇලුමීනියම් කුඩු ඇසබැස්ටෝස් විසිරීම හැම තැනකම සිදුවෙනවා, මත්පැන්, මත්පෙති මේ හැමදේම එයට බලපානවා නේද?
වායු දූෂනය අඩු කරන්න විදුලි වාහන වලට ප්‍රමුඛත්වය දෙන්න.
රටේ පවතින හිඟන ආර්ථිකය හේතුවෙන් අපේ තරුණ පරපුර පුරුදු වී ඇත. මෙය ඉතාම ඛේද ජනකයි.