
(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකාර කපුවා ඇතුළු සැකකරුවන් 16 දෙනා අප්‍රේල් මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ලලනී බුලත්සිංහල මහත්මිය අද (31) දින නියෝග කළේය.
මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන විත් ප්‍රතිකාර ලබමින් සිටි ගම්පහ ගනේමුල්ල කළුවල පාර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙකු හට එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළදී සිදුකළ දරුණු පහරදීමක් හේතුවෙන් අසාධ්‍යයව මිනුවන්ගොඩ රෝහලට ඉකුත් 27 දින ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබිණ.
පසුව මිනුවන්ගොඩ පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් තහවුරු වූ පරිදි මෙම තරුණයාගේ මරණය පහරදීමෙන් සිදුවූ ඝාතනයක් බවට වාර්තා වී තිබූ අතර ඒ අනුව එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය හිමිකාර කපුවා, ඔහුගේ පියා සහ ගෝලයන් දෙදෙනා ඇතුළුව මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකරන රඳවියන් 12 දෙනෙකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදේශ් ප්‍රියදර්ශන මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ජී.කේ. අබේරත්න මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුනරුත්ථාපන රෝගියාගේ මරණයට සැක 16ක් රිමාන්ඩ්
Neel Monday, 31 March 2025 07:20 PM
නොදන්නා මගුල් නොකර දන්නා කපුකම කරගෙන හිටියා නම් ඉවරයිනේ...!
Suneth Monday, 31 March 2025 07:21 PM
වැහිලා හිටපු යකාට ගහන්න ඇත්තේ. ඒත් වැදුනේ මේ තරුණයාට... මේ වගේ තැනකට... රෝගියාව යොමුකරපු දෙමව්පියොත් අනේ මන්දා..?
සොරිසේන Tuesday, 01 April 2025 07:35 AM
පුනරුත්ථාපනය ගැන උකුණු පුකක තරම් දෙයක් නොදන්නා හොර කපුවෙකුට තමන්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි උන දරුවන් බාරදෙන දෙමව්පියන් මේකට වගකියන්න ඕන නැද්ද?