
(සුජිත් හේවාජුලිගේ)
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කිරීමට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වය නිසා ඉටුකර ගැනීමට නොහැකිවී ඇති බව ජනතාවගේ මතය හෙයින් එය නිවැරදි කිරීමට කටයුතු කරන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසූවේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කර ගැනීමේදී පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට කොටුව ජනපති මන්දිරයේදී ඊයේ (26) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.
මේ අතර ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ දායකත්වය ලබා ගැනීමට සහාය වන්නැයි ජනාධිපතිවරයා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලීමක් කළේය.
සූර්ය බල ශක්තියෙන් විදුලිය උත්පාදනය ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන උපාය මාර්ගයවී ඇති හෙයින් එම පියවර අනුගමනය කරමින් සූර්ය පැනල පද්ධති කඩිනමින් යොදා ගැනීම වැදගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාබනික ගොවිතැනට බාල්දි දැම්මා වගේද?
අනේ ඇත්තටම මොකටද ජනාධිපති තුමෝ ඔය පදවිය ගත්තෙ. විධායක ජනාධිපති තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවක් එක්ක තිබිල ඔහොම වැඩක් වත් කරන්න බැරි නං යන්න ගෙදර. රනිල් ඕක කරාවි.
මේවා වසර ගණනාවකට පෙර කිරීමට තිබූ දේවල්ය. විදුලිබල මණ්ඩලය තුළ පවතින මාෆියාවන් මීට බාධාවක් බව රටේ ජනතාව දනිතත් මෙතෙක් පැවැති රජයන් ඇස්, කණ් වසාගෙන සිටීමේ ප්‍රතිඵල රටේම ජනතාව අද විඳවති. රට සූරාකන මාෆියා කාරයින්ගේ මුලු පරම්පරාවම හෙන 7ම වැදිය යුතුය. දෙවියන් වහන්සේම බලා ගනිත්වා...!
විදුලි ඉංජිනේරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය තාප බලාගාරවල කොටස් හිමිකම් දැරීම, ගැටුමට කරුණක් බැවින් එය වහාම තහනම් කරන තුරු විදුලි ප්‍රශ්නය අඛණ්ඩව පවතිනු ඇත.
රුපියල් ලක්ෂ 8 ක් පමණ අපේ වියදමෙන් සූර්ය පැනල සවිකර (on grid system) විදුලිබල මණ්ඩලයට ඉතිරිවන විදුලිය ලබාදී ඇප මුදල්වත් නොලබා, සේවා ගාස්තු වශයෙන් මුදල් අයකිරීම අසාධාරණයක්... ආණ්ඩුව සතයක්වත් මේ සඳහා ආයෝජනය නොකරයි...
ඔය මාෆියාකාරයින් හැදී වැඩුණේ රාජපක්ෂ පවුලේ ආධාර සහ අනුග්‍රහය ඇතුව බව අමතක කරන්න. ඔවුන් පාලනය කරන්න මන්දිරයෙන් එළියට එන්න බැරි ඔබට බැහැ... කරුණාකර ගෙදර යන්න.
මුළු විදුලි උත්පාදන කර්මාන්තයම මාෆියාකරුවන්ගේ තෝතැන්නක් වෙලා තියෙන්නේ.. ඒවට ජනාධිපතිගේ පරපුරත් යම්තරමකින් දායකත්වයක් දුන්නා. දැන් මෙතන බබා වගේ කතාකරන්න ආවට. අයියා ජනාධිපති වෙලා අවුරුදු 10ක් ජනාධිපති වෙලා ඉන්න කාලේ මේවා වෙනවා දැක්කේ නැද්ද? මේ ගොල්ලෝ මහා පරිමාණ ව්‍යාපෘතිවලට කරගහන්න නම් බොහොම සතුටුයි. මොකද ඒකෙන් යමක් සාක්කුවට වැටෙන නිසා... රටේ මින්ස්සුන්ට ණයක් දීලා සූර්ය පැනල ගහන්න දුන්නා නම් මේ ගැටළුවෙන් භාගයක් විසඳිලා. අපි ඉතින් කාගෙන ඒක කරන්න ගියාමත් විදුලි බල මණ්ඩලයේ ලොකුකම බලන්න ඕනෑ.
ඇත්තටම ඕනකම තිබුණා නම් සූර්යකෝෂ ලාභකර මිනිස්සුන්ට දැරිය හැකි මිලකට දී නිවාස වලිනුත් වැඩ ගන්න පුළුවන්. ඒත් ලොක්කෝ බොරු කරනවා වගේම බල සමතුලනය කරන්න අවශ්‍ය දැනුම මණ්ඩලය සතුව නැතිලු..