(ජයන්ත සමරකෝන්)
දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා ජල මුලාශ්‍ර ගණනාවක්ම සිදීයාමෙන් පානීය ජලය ලබාදීම සීමාකිරිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ හේතුවෙන් පැය 24 පුරා ජලය අඛණ්ඩව බෙදාහැරීම ද අඩපණ වනු ඇතැයි මණ්ඩලය සඳහන් කරයි.
ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ ජලය සැපයීමට සිදුවන අවස්ථා වලදී ඒ පිළිබඳව කෙටි පණිඩුඩයක් මගින් දැනුම් දීමේ සේවාවක් ද ආරම්භ කර ඇතැයි ජලාපවාහන මණ්ඩලය පවසයි.
ජල බිල්පතේ ගිණුම් අංකය යොදා 071-9399999 යන අංකයට තම ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩයක් එවා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද මණ්ඩලය කියයි.
නොමිලේ ක්‍රියාත්මක වන මෙම කෙටි පණිවිඩ සේවාව මගින්, ජල බිල්පතේ මාසික ගාස්තුව, හිඟ මුදල, ජල බිල්පත් නොගෙවීම මත ජලය විසන්ධි කිරිමේ දැනුම්දීම ජල සැපයුම අත්හිටුවීම පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවද මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජා භවතු ධම්මිකෝ!
අපි නම් මාර ජාතීයක් වහීන කාලේ වතුර පොලවට උරාගන්න තියෙන කැලේ ඵලි කරනව. පිරිසිදුව ට තියෙන ඇළ දොල ගංගාවලට කුනු කානු හරවල ඉතිරි වතුර ටිකත් විනාශ කරගන්නව.
අපේ රටේ තිබෙන සම්පතක් නේ ජලය. නමුත් වතුර නැහැ මිනිසුන්ට බොන්න. ජලය එක්රැස් කරල, පිරිසිදු කරල, බෙදා හැරීමට තිබෙන නොහැකියාව තමයි මෙයින් පේන්නේ.
ඉතාම කාලෝචිත ක්‍රියාවක්, ස්වභාවික පරිසරය වනසාලන මේ රටේ සිටින අමනයින්ට මේ ඉරණම අත්විය යුතුයි. කැමති නම්, බෝතල් වතුර මිලදී අරගෙන බීපල්ලා. බිල් නොගවන්නේ නම් ජලය කපා හැරීම නීතියට එකඟයි. බෝතල් වතුරත් මදපෙරදිගිනුත් ආනයනය කරන දිනය වැඩි ඈතක නැහැ. බඩ ගෝස්තරය වෙනුවෙන් ලෝක ධර්මයත් විකුර්ති කරන පව් කාරයන්, ඔහොම වෙලා මදි!!.
පුදුම සහගත දෙය නම් ගිය වසරේ ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා නොකඩවා දිනපතා ධාරානිපාත වැසි වැස්සත්, වැසි නැවතී මාස දෙකකින් රටේම විදුලිය සහ ජලය කප්පාදු කරන්න සිදුවීමයි. මෙයින් පෙන්නුම් කරන්නේ කාගේ නොහැකියාවද..?
ඔය ක්ලෝරීන් වතුර අපට ඕන නැහැ. ගෙදර ළිඳේ හොඳට වතුර තියනවා. ළිඳට වතුර උණන එක කාටවත් නවත්වන්න බැහැ. දෙවියන්ගේ පිහිටෙන් අපට කවදාවත් ගං වතුර දාලත් නැහැ. නියඟයට ළිං සිඳිලත් නැහැ. ඒ වගේ පළාත්වල ජීවත් වෙන්න පින තියෙන්න ඕනෑ. මාසයක් එක දිගට වතුර කැපුවත් අපිට මොකද?
ඕස්ට්‍රේලියාවේ ඔටුවන් මැරුවෙත් බොන්න දෙන්න වතුර නැති නිසා, අන්තිමට මිනිසාට වෙන්නෙත් බොන්න වතුර නැති වුණාට, කෙටි පණිවිඩ මාර්ගයෙන් එවන වතුර බිල දැකලා හුස්ම ටික යන එක...
වතුරවල කොමිස් නැද්ද? පාරවල් වලින් වගේ වතුර සැපයුම වැඩි දියුණු කරන ක්‍රම ගැන අහන්න නෑ.
කඩවත, කැලණිය, බියගම, මල්වාන ප්‍රදේශවල ජලය සීමා කරන්න පටන් ගෙන 06 මාසෙටත් වැඩියි. මෙහෙ සීමා කරනවා කියන්නේ කපලා දානවා ඊට වඩා හොඳයි...
මේක අලුත් දෙයක්ද? දැන් මාසෙකටත් වැඩි කාලයක් තිස්සේ දවල් කාලෙට අපිට වතුර නැහැ. රෑට අඩු පීඩනයකින් වතුර ලැබෙන්නේ...
මේ විනාශ කරපු රට නැවත ගොඩ නැගීමට නම් මහා පරක්රමබාහු කෙනෙක් බිහි විය යුතුයි. පාංකඩයින්ගෙන් එය සිදු නොවෙන බව ස්ථිරයි.
මේ සැරේවත් වැව ටික සුද්ද කරලා, රොන්මඩ ඉවත් කරලා, ඊලග වැස්සේදී පොළවට වැටෙන වතුර වැඩි ප්‍රමාණයක් ඉතුරු කරගන්න ක්‍රමයක් බැලුවනම් හොද නැද්ද ? දවසක් වැස්සොත් සේරම පිටාර මට්ටමට එනවා. තව තවත් පුළුවන් තරම් ගස් කපන්න, වනාන්තර විනාශ කරන්න අැමතිලාට ඉඩ දෙන්න.