(යොහාන් භාසුර)
කොළඹ කොටුව තොග වෙළඳුන් ආනයනය කරන තිරිඟු පිටි (පාන් පිටි) කිලෝවක මිල රුපියල් 250ක් දක්වා පහත දමා ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (29) පැවසීය.
තිරිඟු පිටි ආනයනය සඳහා විවෘත ගිණුම් හරහා කටයුතු කිරීමට අවසර ලැබීමෙන් පසුව එයට බලපත්‍රය ලැබුණු වහාම තිරිඟු පිටි ආනයනය ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව කී සෙනෙවිරත්න මහතා මේ වන විටත් විශාල තොගයක් ඇනවුම් කර ඇති බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd