IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොන්නි සම්බා ආනයනයට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

දේශීය වෙළෙඳ පොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් GR 11/ පොන්ති සම්බා ලෙස හඳුන්වන සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000 ක් වන අතර, එයින් වාර්ෂික කිරි සම්බා පරිභෝජනය 10%ක්, එනම් මෙට්‍රික්ටොන් 246,000 ක් පමණ වේ.

මේ වන විට දේශීය වෙළෙඳ පොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, එක් ආනයන කරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව, 2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා කීරි සම්බා සහල් වලට ආදේශකයක් ලෙස සලකනු ලබන GR 11/ පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (5)

පොන්නි සම්බා ආනයනයට කැබිනට් අනුමැතිය

වසාවාසි - තැම්බුත්තේvillage Tuesday, 14 October 2025 03:47 PM

හම්මෝ තව ක්‍රිප්ටෝ කරන්සි ටිකක්.

:       8       9

සඳමාලි Tuesday, 14 October 2025 04:00 PM

පිටරටින් හාල් ගේන්නනං ආණ්ඩුවක් මොකටද කියලත් ඇහුවා! වෙනිං කවුරුත් නෙවෙයි ඒ.කේ.ඩී තුමා.

:       7       10

222222222v Tuesday, 14 October 2025 04:29 PM

මහ මෝල්ලු නිලධාරින්ට එකතුවෙලා කරන මගඩි නවත්වන්න තව ටික කාලයයි. වෙන්වෙන්න අකමැති බත් බැලයො තව ඉන්නවා. උදාහරණ ඔය ඉහල ඉන්නේ.

:       8       12

ඇන්ඩ්රු සෙබඩවිලTuesday, 14 October 2025 10:02 PM

2222V ඇයි තවම පෑන හම්බවෙලා නැද්ද ඩෝබි හාමි

:       2       2

එඩී Tuesday, 14 October 2025 04:47 PM

දූෂිත පවුල් පාලනය, කජු කාපු සීයා වගේ තුට්ටු දෙකේ අවලාද පහුගිය ආංඩුවලට ජෙපි හාදයෝ විසින් එල්ල කළාට එයාලාගේ නායක සහෝදරතුමාලා කරන්නෙත් ඒ ටිකම තමයි...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site