
(අංජුල මහික වීරරත්න)
දේශීය වෙළෙඳ පොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් GR 11/ පොන්ති සම්බා ලෙස හඳුන්වන සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000 ක් වන අතර, එයින් වාර්ෂික කිරි සම්බා පරිභෝජනය 10%ක්, එනම් මෙට්‍රික්ටොන් 246,000 ක් පමණ වේ.
මේ වන විට දේශීය වෙළෙඳ පොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, එක් ආනයන කරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව, 2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා කීරි සම්බා සහල් වලට ආදේශකයක් ලෙස සලකනු ලබන GR 11/ පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මෝ තව ක්‍රිප්ටෝ කරන්සි ටිකක්.
පිටරටින් හාල් ගේන්නනං ආණ්ඩුවක් මොකටද කියලත් ඇහුවා! වෙනිං කවුරුත් නෙවෙයි ඒ.කේ.ඩී තුමා.
මහ මෝල්ලු නිලධාරින්ට එකතුවෙලා කරන මගඩි නවත්වන්න තව ටික කාලයයි. වෙන්වෙන්න අකමැති බත් බැලයො තව ඉන්නවා. උදාහරණ ඔය ඉහල ඉන්නේ.
දූෂිත පවුල් පාලනය, කජු කාපු සීයා වගේ තුට්ටු දෙකේ අවලාද පහුගිය ආංඩුවලට ජෙපි හාදයෝ විසින් එල්ල කළාට එයාලාගේ නායක සහෝදරතුමාලා කරන්නෙත් ඒ ටිකම තමයි...