(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ නියුතු "පානදුර සළිදු" නැමැත්තා ට අයත් බව කියන රුපියල් අසූ ලක්ෂ එක්දහසක ජාවාරම් මුදලක් පානදුර , විහාරස්ථානයක කළුගල් ගොඩක සගවා තිබියදී සොයාගෙන, ජාවාරම් මුදල් එකතු කරන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක්ද සමගින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
පානදුර කොට්ඨාස බුද්ධි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිම්න ජයසුන්දර මහතාට ලද තොරතුරක් මත, "පානදුර සළිදු" නැමැත්තා ගේ මුදල් එකතු කරන ප්‍රධාන ගෝලයෙකු ගේ නිවසක් පරීක්ෂා කර ඇති අතර , කුරුප්පුමුල්ල විහාරස්ථානයක කළුගල් ගොඩක විශාල මුදලක් සගවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි .
ඒ අනුව උප පොලිස් පරීක්ෂක කේ. බන්දුකුමාර ඇතුළු පොලිස් කණ්ඩායම විහාරස්ථානයේ ගොඩගසා තිබූ ගල්ගොඩ පරීක්ෂා කිරීමේදී කළු පැහැති පොලිතින් ආවරණයකින් වසාදමා හිස් සහල් උරයක බහා තිබූ රුපියල් අසූ ලක්ෂ එක්දහසක මුදල සොයාගත් බව උසස් පොලිස් නිළධාරියෙක් කීය .
ජාවාරම් මුදල් එකතු කරන බව කියන පානදුර , කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකුද හෙරොයින් මත්කුඩු පැකට් තුනක් සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සපොඅ නිශාන්ත සේනාරත්න නිරෝෂන් ධර්මසේන , ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්සංක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක කේ.බන්දුකුමාර , සැරයන් වරුන්වන ප්‍රියන්ත (10081) කනිවිල (55359) කොස්තාපල්වරුන් සුරවීර (37454) සහ රත්නායක (94075) යන මහත්වරු වැටලීමට එක්වූහ .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පානදුර සලිදුගේ ලක්ෂ 80 ක සල්ලි කළුගල් ගොඩකින් එළියට