(ඉන්දිකා රාමනායක)

 මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවෙක් වන   ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින  පානදුර  කුඩා අරුක්ගොඩ පදිංචි සලිදු මල්ෂිත හෙවත් පානදුරේ  සලිදු නැමැත්තාට  මත්ද්‍රව්‍ය ජාවාරමෙන්  උපයාගත්   රුපියල් කෝටි දෙකක ට අධික   වු මුදල් උණ්ඩියල් ක්‍රමයට යැවු  පුද්ගලයකු වත්තල හැදල  ප්‍රදේශයේ දී අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථාන පවසයි.

සලිදු නැමැත්තාගේ  නීති විරෝධී වත්කම්  පිළිබවඳ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී  දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර ඇති බවත්, එම විමර්ශනයේ  ඉහත සැකකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නීතිඥ   නිහාල් තල්දූව මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  ශන්මුගසුන්දරම්   වසන්ත කුමාර් නැමැත්තෙකි.

  මෙම සැකකරු සලිදු නැමැත්තාගේ ගෝලයකුගෙන් මෙම  මුදල් ලබාගෙන එම මුදල්  උණ්ඩියල් (හවාලා) ක්‍රමයට    සැලිදු වෙත යවා ඇති බවට තොරතුරු හෙළි ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සැකකරු මේ ආකාරයෙන් රුපියල් කෝටි  ට අධික මුදලක් වරින් වර   යවා ඇති බවද ඒ මහතා කීය. අත්අඩංගුවට ගත් සැකකරු  පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.