
(සුමිත් පොතුපිටිය)
පානදුර, කෙසෙල්වත්ත ශ්‍රී ජිනධර්මදාන විදුහලේ විදුහල්පති නිල කාමරයට සහ පරිඝණක විද්‍යාගාරයට අද (03) පස්වරුවේ ගිනිතබා දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 12 සහ 9 වියැති දරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
විදුහල්පතිවරයා පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උරණවී විදුහල්පතිවරයාගේ පුටුවට ගිනි තබමු යැයි කථිකා වී මොවුන් මෙය සිදුකර ඇති බව පොලිසිය කියයි.
ගින්නෙන් පරිගණක විද්‍යාගාරයේ තිබූ පරිගණක විස්සකට අධික ප්‍රමාණයක් සහ එහි උපාංග, විදුලි පංකා, පෙළ පොත් විශාල ප්‍රමාණයක්, විදුහල්පතිගේ පුටුව සහ කුසලාන රැසක් ද විනාශ වී ඇති බව පොලිසිය කියයි.
ගින්න ඇති වන මොහොතේ පාසල වසා දමා තිබී ඇති අතර , ගිනි ජාලා ඉහළට නැගෙනු දුටු ප්‍රදේශවාසීන් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම පාසලේ දේපළට හානි කර ඇතැයි ද පැවසේ.
සිද්ධිය සැලවීමත් සමගින් ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් දරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සැනිටයිසර් දියර දමා ගිනිතබා ඇති බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තමයි කවදා හරි මධූෂ්ලා වගේ වෙන්නේ... !
එළ කොල්ලෝ ටිකක්නේ..!