IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පානදුරේ වෙඩික්කරු පොලිසියෙන් පැන යයි

(ඒ.ජි.වික්‍රමසිංහ)

පානදුර වෙඩ් තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පොලිසියෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගත් සැකකරු 29 වන දින රාත්‍රියේදි රත්නපුර පොලිසිය වෙත බාරදි ඇත.

රත්නපුර පොලිසිය වෙත බාරදුන් සැකකරුවකු අද 30 දින පෙරවරුවේ පොලිස් සිර මැදිරියෙන් පැන ගොස් ඇතැයි රත්නපුර පොලිසියෙන් වාර්තාවේ.

පානදුරේ වෙඩි තැබිම් දෙකක පැදිකරු ලෙස කටයුතු කරන ලද සැකකරුවකු  බවත් ඔහුට එරෙහිව වරෙන්තු දෙකක් ඇතැයි ද පොලිසිය කියයි.

මෙම සැකකරු අද පෙරවරු 7.03 ට  වැසිකිලි යාමට අදාල නිළධාරියා විසින් දොර විවෘත කරන ලද අවස්ථාවේ තම හිසට තොප්පියක් දමාගෙන සිර මැදිරියෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරනය වේ.

මෙම සැකකරු රත්නපුර අංගම්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් අද 30 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය.

 



අදහස් (7)

පානදුරේ වෙඩික්කරු පොලිසියෙන් පැන යයි

[email protected] Wednesday, 30 July 2025 01:50 PM

සාමාන්‍යයෙන් පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයෙකු සිර මැදිරියෙන් පිටතට ගැනීමේ ක්‍රමවේදය.

:       1       14

NIMALWednesday, 30 July 2025 04:59 PM

අදාල සියලු දෙනාගෙම වැඩ තහනම් පරීක්ෂණයක් අවශ්‍යයි හේතුව මිනිමරුමකට සම්බන්ද වරදකරුවකු අදිකරණයට ගෙන ඒමේදී හෝ වෙනත් ඕනෑම කටයුතකදී එක පොඉස් නිලධාරියකු සම්බන්ද වන්නේ නැත එසේ සිදුවන්නේනම් එය පොලිසියේම / රාජකාරිවල වරදකි

:       0       0

Para Wednesday, 30 July 2025 02:15 PM

පොලිසියේ අනුග්‍රහය නැතිව කිසිසේත්ම සිදුවිය නොහැක්කකි. මේ ඔහුගේ ගම් ප්‍රදේශයේ පොලිසියයි.

:       1       37

ගාමිණී Wednesday, 30 July 2025 02:36 PM

ඒකෙන් ඒ වෙලාවේ ඩියුටි හිටපු අයටත් තොප්පියක් වැටුණා.

:       1       8

de silva Wednesday, 30 July 2025 04:20 PM

වෙන්න පුළුවන් වැඩ දෙකකි 1 ) පොලිසියේ අනුග්‍රහයෙන් පැන ගිහින් 2) පොලිසියේ අනුග්‍රයෙන් පරලොව ගිහින්

:       1       12

Sk Thursday, 31 July 2025 01:10 AM

පැන ගියා නෙමේ පැන යන්න දීල අපේ කට්ටිය

:       0       0

de silva Thursday, 31 July 2025 01:11 PM

මහා ලොකුවට පොලිසි හදනව නමුත් හදන හිර මැදිරි ප්‍රමාණවත් නැහැ අලුතෙන් හදන පොලිසි වල අවම වශයෙන් වැසිකිලි සහිත හිර මැදිරි 6 වත් හදන්න , එතකොට රැදවියන්ට සහ පොලිස් නිලධාරීන් යන දෙගොල්ලනටම පහසුවකි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site