(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මූලික රෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනයට ලබා දෙන වියළි ආහාර තොග පිටින් පිට කිරීමේ ජාවාරමක් සොයා ගැනීමට රෝහලේ බලධාරීන් සමත් වී තිබේ.
රෝහලෙන් පිට කිරීමට සුදානම් කර තිබූ හාල් , පොල් , පරිප්පු , බිත්තර , පිටි හා මුං ඇට ආදී ආහාර ද්‍රව්‍ය තොගයක් මුලුතැන්ගෙයි වහලයට ආසන්න රහසිගත ස්ථානයක සඟවා තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
රෝහලේ නේවාසිකව සිටින රෝගීන්ට දිනපතා ලබාදෙන ආහාර සඳහා රෝහල ඉදිරිපිට තිබෙන සමූපාකාරයට ලබාදෙන ඇනවුම අනුව එම වියළි ආහාර ද්‍රව්‍ය රෝහලට ලබා දෙන බව එම ප්‍රකාශකයා පැවැසීය.
එලෙස ලබා දෙන වියළි ආහාර බාරව ආහාර නීරීක්ෂකවරුන් කිහිපදෙනෙක් සිටින අතර ඔවුන් මගින් ඒවා පීසිම සඳහා අරක්කැමියන් අතට පත්වෙනු ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සඟවා තිබූ ආහාර ද්‍රව්‍ය තොගය කිහිපදෙනෙකු අතර බෙදා ගැනීම සම්බන්ධව ඇති වූ ගැටලුවක් හේතුවෙන් කාලයක සිට හොර රහසේකරගෙන ගිය මෙම ජාවාරම පිළිබඳ තොරතුරු බලධාරීන් අතට පත්ව ඇතැයි වැඩිදුර ආරංච් මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව පානදුර රෝහලේ වෛද්‍ය අධිකාරි ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මියගෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවැසුවාය.
‘‘සිද්ධිය පිළිබඳ දැනගන්නට ලැබුණු වහාම අදාල ස්ථානයට නිලධාරීන් පිටත් කර සෝදිසි කිරීමේදී ආහාර ද්‍රව්‍ය හමු වුණා.
ඒ සම්බන්ධව විමර්ශනයක් සිදු කිරීමට නියෝජ්‍ය වෛද්‍ය අධිකාරී හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා.
මූලික පරීක්ෂා වලින් හෙළි වන තොරතුරු වල වාර්තාවක් කලුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ උදය රත්නායක මහතාට මෙන්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාදට යොමු කරනවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියළි ආහාර අරන්ගිහිල්ලා තියෙන්නේ ලඟදී තියෙන ජනාධිපතිවරණයට දන්සල් දෙන්න වෙන්න ඇති...
දැනට සමුපකාර සමිතිවලින් බඩු සැපයීම කරන්නේ නැහැ කියලයි... එක් සමිතියක සභාපතිවරයෙක් කිව්වේ. මෙම ක්‍රියාව සැපයුම්කරුගේත් රෝහලේ පිරිසකගේත් හවුල් වැඩක් වෙන්න පුළුවන්...
අපේ රටේ ඉන්න ගොඩක් මිනිසුන්ට වඩා බල්ලෝ බළල්ලු ළඟ වැදගත් ගතිපැවතුම් තියෙනවා... ලැජ්ජයි... මෙවැනි දේවල් කරපු මිනිසුන්ගේ වත ගොත, පත්තරේ මුල් පිටුවේ දාන්න ඕනේ. සිංගප්පූරුවේ නිව් පේපර් කියන පත්තරේ ඔයවගේ දස අලුගුත්තේරු වැඩ කරන අයගේ මූණු පිටින් මුල්පිටුවේ පළකරනවා. එතකොට සමාජය විසින් ඔවුන්ට ලබා දෙන තත්ත්වය, ඔවුන් දෙස බලන ආකාරය, ඔය අධිකරණයට ගිහින් අවුරුදු 10කට විතර පස්සේ ලබාදෙන දඬුවමට වඩා වරදකරුවන්ට අහිතකර බලපෑමක් තියෙනවා. මේ රට, ගොන් පාට් වලින් තොරව ගොඩගන්න මන්වත් ජනපතිවරණයට ඉල්ලන්නද කියල කල්පනා කලේ...?
රජයේ සියලු තැන් දූෂිතයි. දුෂිතයින් සොයා තරාතිරම නොබලා දඬුවම් නියම කිරීමට කටයුතු කරන්න.
දොස්තරලාත් ලෙඩ්ඩු ගැන නොහිතා වර්ජනය කරන කොට ලෙඩ්ඩු අසණ වෙනවා. ඉතින් සුළු සේවකයෝ දොස්තරලාව ආදර්ශයට ගන්නවා. අන්තිමට වෙන්නේ අසරණ මනුස්සයා අනාථ වෙනඑක...