(සුමිත් පොතුපිටිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)

මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය කළ මඟී දුම්රියක් මගීන් අපහසුතාවට පත්වන ලෙස පානදුර දුම්රිය ස්ථානයේ පැය භාගයකට ආසන්න කාලයක් නවතා ගෙන සිටීම නිසා  මගීන් සහ දුම්රිය කාර්‍ය මණ්ඩලය අතර උණුසුම් තත්වයක් ඇති විය.

මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුමරිය පාණදුර දුම්රිය ස්ථානයට ළඟා වුවද "තව ස්වලප වේලාවකින් ධාවනය වන" බවට නිවේදන නිකුත් කරමින් පැය භාගයකට ආසන්න කාලයක් දුම්රිය නවතා ගෙන සිටීම නිසා මගීහූ කෑ කෝ ගසමින් සිය විරෝධය පලකලහ.

එම දැඩි විරෝධය මධ්‍යයේ එම දුම්රිය කාර්මික දෝෂයකට ලක් ව ඇති බව නිවේදනය කිරීමත් සමඟ මගීහූ හූ කියමින් සිය අප්‍රසාදය පල කලහ.

මෑතක සිට බොහෝ දිනවල මරදාන සිට දකුණු කළුතර  බලා ධාවනය වන මෙම මන්දගාමී දුම්රිය නිකරුනේ පානදුර දුම්රිය ස්ථානයේ නවතා ගෙන සිටීම නිසා නිවෙස් බලා යන විශාල මගීන් පිරිසක් දැඩි අපහසුතාවට පත් වන බවත් බලධාරීන් මේ කෙරෙහි අවධානය යොමු කල යුතුව ඇති බවත් මගීහූ චෝදනා කලහ.