IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පානදුර දුම්රිය ස්ථානයේ කලබලයක්

(සුමිත් පොතුපිටිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)

මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය කළ මඟී දුම්රියක් මගීන් අපහසුතාවට පත්වන ලෙස පානදුර දුම්රිය ස්ථානයේ පැය භාගයකට ආසන්න කාලයක් නවතා ගෙන සිටීම නිසා  මගීන් සහ දුම්රිය කාර්‍ය මණ්ඩලය අතර උණුසුම් තත්වයක් ඇති විය.

මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුමරිය පාණදුර දුම්රිය ස්ථානයට ළඟා වුවද "තව ස්වලප වේලාවකින් ධාවනය වන" බවට නිවේදන නිකුත් කරමින් පැය භාගයකට ආසන්න කාලයක් දුම්රිය නවතා ගෙන සිටීම නිසා මගීහූ කෑ කෝ ගසමින් සිය විරෝධය පලකලහ.

එම දැඩි විරෝධය මධ්‍යයේ එම දුම්රිය කාර්මික දෝෂයකට ලක් ව ඇති බව නිවේදනය කිරීමත් සමඟ මගීහූ හූ කියමින් සිය අප්‍රසාදය පල කලහ.

මෑතක සිට බොහෝ දිනවල මරදාන සිට දකුණු කළුතර  බලා ධාවනය වන මෙම මන්දගාමී දුම්රිය නිකරුනේ පානදුර දුම්රිය ස්ථානයේ නවතා ගෙන සිටීම නිසා නිවෙස් බලා යන විශාල මගීන් පිරිසක් දැඩි අපහසුතාවට පත් වන බවත් බලධාරීන් මේ කෙරෙහි අවධානය යොමු කල යුතුව ඇති බවත් මගීහූ චෝදනා කලහ.

 



අදහස් (2)

පානදුර දුම්රිය ස්ථානයේ කලබලයක්

SL Wednesday, 26 October 2022 08:52 PM

මම හැම සදුදාකම නුවර ඉඳල කොළඹට එන්නේ 4.30am දුම්රියේ. ඒ දුම්රියේ මකුළු දැල් පිරිලා. මකුලුවොත් පිරිලා 2 class ,3-class compartment වල . මේවා සුද්ද කරන්න මිනිස්සු නැතිද? දුම්රිය දෙපාර්තමේන්තුවේ එක සිල්පරයක් උස්සන්න දහදෙනෙක් විතර ඉන්න අවස්ථා දැකල තියෙනවා. වල් ගලවන්න 4-5 දෙනා ඉන්නවා, හැමෝම වැඩ කරන්නේ නැහැ දෙන්නෙක් වැඩ කරනවා අනිත් අය බුලත් කොටනවා, තේ හදනවා. මේ වගේ කාලකන්නි ඉන්න , හොර OT ගන්න, ආයතන වල බර අපිට මයි, CGR එකේ ට්‍රේනින්ග් ගියපු සිසුන් දන්නවා මුන්ගේ යාඩ් වල කරන හොරකම්, කරන කාලය කන වැඩ, මේ බල්ලන් නිසා තමා රට මේ වගේ ව්‍යසනයකට පත්වෙලා තියෙන්නේ

:       0       53

pakeer Thursday, 27 October 2022 10:19 AM

ඔය කියන කොච්චිය හැමදාම,රත්මලාන ,මොරටුව හරි පානදුර හරි සෑහෙන වෙලා නවත්තන් ඉන්නවා .හරිම අදක්ෂයි .දුම්රිය සේවකයෝ .මිනිසුන්ගේ වෙලාව ,මිනිසුන්ගේ දුක මුකුත් තේරෙන්නේ නැති.නියම කාලකන්නි

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site