
(සුමිත් පොතුපිටිය )
පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 43 වියැති පුද්ගලයෙකි.
ලද තොරතුරක් මත පානදුර හොරේතුඩුව පාලම අසල දී සැකකරු පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ දමා සිටි විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනි අවියක්, එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් එම අවියේ බහළුමක් සමග අත්අඩංගුවට ගෙන තිබේ..
මෙම ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන බවත්, මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස මෙම ගිනි අවිය යොදාගත හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දෑ අත්අඩංගුවට ගැනීම බොහොම හොඳයි. එමෙන්ම, මෙය පොලිස් පුහුණු ආයතනයකට ලබාදී නවීන අවි පිළිබඳව දැනුවත් කිරීමත් හොඳයි.