(නිමල කොඩිතුවක්කු)

පාන් පිටි සහ ගෑස් හිඟය හේතුවෙන් බේකරි විශාල සංඛයාවක් වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.

බේකරි 7000න් 3500ක පමණ නිශ්පාදන මුලුමනින්ම අඩාල වී ඇතැයිද ජයවර්ධන මහතා කීවේය.

මේ හේතුවෙන් පාන් ඇතුලු බේකරි නිශ්පාදන වල මිල ඉහළ යාමේ අවධානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.