
(යොහාන් භාසුර)
පාන්පිටි කිලෝ 50 මුට්ටයකින් ග්රෑම් 450 පාන්ගෙඩි 172 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව බේකරි හිමියෙක් පැවසීය.
කිලෝ 50 පාන්පිටි මුට්ටයක් රුපියල් 5900 කට ආසන්න මුදලකට ලැබෙන බව කී එම බේකරිහිමියා ග්රෑම් 450 පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට පිටි ග්රෑම් 550ක් මෝලි තැබීමට ගන්නා බවද සඳහන් කළේය.
පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට පිටි සදහා වියදම රුපියල් තිස් පහකට ආසන්න වන බවත් ඊස්ට්, මාගරින්, ගෑස් සහ සේවක වැටුප් ඇතුළු සෙසු පිරිවැය ඇතුළත් කිරීමෙන් පසු ග්රෑම් 450 පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට රුපියල් 50 කට ආසන්න මුදලක් වැයවන බව එම බේකරිහිමියා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් වර්තමානයේ ග්රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 80 ක් වන අතර රෝස්පාන්, බනිස්, මාලු පාන්, ජෑම්පාන් ආදී සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 25 ත් 45 ත් අතර පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ පාං ගෙඩියකින් රු 30කට ආසන්න මුදලක් සුද්ධ ලාබයි..
මෙතන තියෙන මුල් දත්ත අනුව නම් කිලෝ පනහේ පාන් පිටි මිටියකින් හදන්න පුළුවන් ග්රෑම් 450 හේ පාන් ගෙඩි 90ක් විතරයි. මොකද පාන් ගෙඩියක් හදන්න පිටි ග්රෑම් 550ක් ගන්නවා කියලානේ වාර්තාවේ තිබෙන්නේ... එතකොට පාන් ගෙඩි 90යි. එහෙනම් වර්තමාන පාන්මිල ඇත්තෙන්ම අසාධාරණ එකක් නෙමෙයි...
ග්රෑම් 450 පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට පිටිග්රෑම් 550ක් මෝලි තැබීමට ගන්නා බවද සඳහන් කළේය. එතකොට අර පිටි ග්රෑම් 100ට මොකද වෙන්නේ? දැම්මා කියන මාගරින්වල බර කොහාටද ගියේ? මොන බේකරියේද මොන මාගරින්ද දමන්නේ? රුපියල් 50 වැයවෙන පාන්ගෙඩිය රුපියල් 80 කට විකිණෙනවා නම් ලාභය 60%ක්. අන්න එතන අසාධාරණයි නේද? පාන්වලට ඔහොම නම් බනිස්, කිඹුල්ලු , පුස්ලෝඩම්, වලින් කොහොම ලාභයක් ගන්නවා ඇත්ද?
මෝලිය අඹරන දේශපාලන සංදර්ශන තියන ජනාධිපතිටත්, මහින්දටත් දේශපාලනය කියාදෙන බේකරි හාදයා මේ ගැන මොකද කියන්නේ...?
ග්රෑම් 450ක පාන් ගෙඩියක් සෑදීමට පිටි ග්රෑම් 450ක් යනවා..!!! ඒක බොරු... පිටි කිලෝ 1කින් පාන් ගෙඩි 3ක් හදන්න පුළුවන්...!!!