IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


පදවියේ ඝාතනය වැරදීමක්

 

 

(ගයාන් සූරියආරච්චි පදවියේ පියදාස සමරවීර)

පදවිය පොලිස් බල ප්‍රදේශයට අයත් බලයාවැව සූරියවැව ප්‍රදේශයේ 74 හැවිරිදි තිදරු මවක වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වැරැදීමකින් බව  අත්අඩංගුවට ගත් මෙම ඝාතනයේ වෙඩික්කරු ලෙස සැලකෙන යුද හමුදාවෙන් පලා ආ සෙබළාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවිණියැයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

ඝාතනය කිරීමට නියමිතව සිට ඇත්තේ මෙම වයෝවෘද්ධ කාන්තාවගේ මිනිබිරිය යැයි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් ඊයේ (8) පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු සෙබළාට ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන වැලිඔය ප්‍රියන්ත නමැත්තා මෙම වයෝවෘද්ධ කාන්තාවගේ මිනිබිරිය ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව බාර දී තිබෙන බව වැඩිදුර විමර්ශනවල දී හෙළිවිණියැයි ද පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

 

-------------------------------

පදවියේ කාන්තා ඝාතනයේ වෙඩික්කරු කොටුවෙයි

(අමදෝරු අමරජීව )

ටී-පනස් හය ගිනි අවියක් රිවෝල්වරයක් හා ජීව උණ්ඩ සමග වැලිඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්  පුද්ගලයෙකුගෙන්  වැඩිදුර කළ ප්‍රශ්න කිරීමේදි  පදවියේ කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු හා යතුරු පැදිය සමඟ පැදිකරු ඊයේ (07) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පදවිය පොලිස් වසමට අයත් බෝගහ වැව ප්‍රදේශයේදී ඉකුත් 05 දා අවුරුදු 73 ක කාන්තාවක් ඝාතනය කිරීමට මෙම ගිනි අවිය හා යතුරුපැදිය යොදාගෙන තිබිණැයි පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි .

ගිනි අවි හා උණ්ඩ තබාගත් අය වයස අවුරුදු හතළිස් දෙකක් වන කිරි ඉබ්බන්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඝාතකයා හා යතුරු පැදිකරු වයස අවුරුදු විසි හයක් හා තිහක් වන මහියංගනය හා ඇහැටුවැව ප්‍රදේශවල පදිංචිකරුවො වෙති.

වෙඩික්කරු යුද හමුදාවේ සේවයේ නියුතුව නීත්‍යානුකූලව ඉවත් නොවූ අයෙකු බවද දැනගන්නට ඇත. 



අදහස් (1)

පදවියේ ඝාතනය වැරදීමක්

Bunny Preena Monday, 09 December 2024 09:21 AM

ගාස්තුව වරදින්නේ නැතුව ලැබෙන්න ඇතිනේ... ඉතින් වරදින්නේ නැතුව ඔහුටත් මරණ දඬුවම ලැබිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 345 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 571 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 390 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 684 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1315 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 619 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1549 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site