IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පාදයේ තුවාලයෙන් වේදනා විඳින දළ ඇතාට බුදුපුත්හු උවටැන් කරති.

(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව කනගරායන්කුලම් පුදූර් රක්ෂිතයේ කැලෑවක තුවාල ලබා ඇති දළ ඇතෙකුගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සහයක නිරත වන බවට වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

මෙම දළ ඇතාගේ පසුපස පාදය දැඩි ලෙසින් තුවාල වීම හේතුවෙන් ඇතාට ඇවිදීමට නොහැකිව වතුර වලක වැටී සිටින අතර එලෙස තුවාල වීඹට හේතුව වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් බවට වනජීවි නිලධාරීන් සැකකරයි.

දින දෙකක පමණ කාලයක් දළ ඇතාට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී ගිරිධරන් මහතා ඇතුලු වව්නියාව වනජීවි නිලධාරීන් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරීමේ කටයතු සිදු කරයි.

වව්නියාව මඩුකන්ද ශ්‍රීදලදා විහාරස්ථානයේ විහාරාධිපති මුවඇටගම ආනන්ද හිමියන් සහ ය ළිඳවැවේ අමරජෝති හිමියන්  දළ ඇතා වැටී සිටින ස්ථානයට ගොස් සෙත්පිරිත් සජ්ඣයනා කර ඉක්මන් සුව ප්‍රර්ථනා කළහ..

ආහාර නොමැතිව සිටින මෙම දළ ඇතාට ආහාරපානාදිය මෙන්ම දළ ඇතාගේ ආරක්ෂාව සඳහා කනගරායන්කුලම් යුද හමුදා නිලධාරීන්ද සහය ලබා දෙනු ලබයි.

 



අදහස් (0)

පාදයේ තුවාලයෙන් වේදනා විඳින දළ ඇතාට බුදුපුත්හු උවටැන් කරති.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17967 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site