
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පාතාල කල්ලි සාමාජික 'කෙහෙල්බද්දර පද්මේ' විසින් සඟවා තැබූ බව පැවසෙන ටී-56 පතොරම් ගිනි අවි සහ යුද හමුදා නිල ඇඳුමට සමාන කට්ටලයක් අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ ආසන්නයේ බස් නැවතුමක් පිටුපස කසල ගොඩක් අසල බෑගයක දමා තිබියදී සොයා ගත් බව පෑලියගොඩ උතුරු අපරාධ කොට්ඨාසය කියයි.
එම බෑගය තුළ තිබී ටී-56 මැගසින් 4ක්, මයික්‍රෝ පිස්තෝලයක් , රිවොල්වර අවියක් ,ටි 56 ජිව උන්ඩ 520 ක් අත්විලංගුවක් , යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් සොයා ගැනීමට පොලීසියට හැකිව ඇත.
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' ඇතළු පාතාල කල්ලි සාමාජිකයන් පස්දෙනකු පසුගියදා ඉන්දුනීසියාවේ ජාකාර්ථානුවරදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කෙහෙල් බද්දර පද්මේ ඇතුළු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙත්-මල් පොහොට්ටු පිපෙන්න ළඟයි.
වැටලීම්වලින් පොලිස් භාරයට ගත්තු අවි ආයුධ සහ භාණ්ඩ පමණක් මාධ්‍යයට ප්‍රසිද්ධ කළාට කමක් නෑ, වැටලීම්වලට සම්බන්ධ වූ නිලධාරින්ගේ ඡායාරූප පෙන්වන්නේ නැතුව. හේතුව පමණට වඩා මාධ්‍යයට නිරාවරණය උනොත් අපරාධකාරින්ට ඔවුන්ව හඳුනාගත හැකිය. වැටලීම් වලට යනකොට අනන්‍යතාවය හෙළි නොවෙන විදිහට කිහිපදෙනෙක් මුහුණු ආවරණය කරගෙන ගියානම් වඩාත් හොඳයි කියලා මම යෝජනා කරන්න කැමතියි.