(ඉන්දිකා රාමනායක)
රටේ උද්ගත වී ඇති තත්ත්ව වළක්වා ගැනීමට පවතින නීති රාමුව තුළ හමුදාවට තනිව කි‍්‍රයාකිරීමට බලයක් නොමැති බවත් පොලිසිය නොමැතිව පුද්ගලයන් පරීක්ෂා කිරීමේ, අත්අඩංගුවට ගැනීමේ කටයුතු සඳහා දින කිහිපයකට හෝ හමුදාවට බලය ලබා දිය යුතු බවද හමුදාපතිවරයා අද (22) කියා සිටියේය.
මෙම සිද්ධියේදී බුද්ධි තොරතුරුවලද පැහැදිලි අඩුවක් දක්නට තිබූ බවත් මේ සම්බන්ධයෙන් හමුදාව දැනුවත් කර නොමැති බවද හමුදාපතිවරයා කියා සිටියේය.
හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මේ බව පැවසුවේ අද (22) කොළඹ අගරදගුරු නිල නිවසේදී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් හමුවීමට ගොස් සිටි අවස්ථාවේදීය.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ආරක්ෂාව හා ආරක්ෂක කවුන්සලයේ පැවැත්වූ සාකච්ඡා ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්විණි.
එම සාකච්ඡාව නිමවී එහි සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හමුදපතිවරයා මේ බව සඳහන් කළේය.
හමුදාවට බුද්ධි තොරතුරු ලැබෙන නමුත් එම තොරතුරු අනුව කි‍්‍රයාත්මක වීමේමේ දී හමුදාවට බලය නොමැති බවත් එම තොරතුරු තවත් පාර්ශ්වයකට ලබාදීම ගැටළුවක් බවත් ඔහු කියා සිටියේය.
මෙම සිද්ධියේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කිසිවකුටත් දොස් පවරන්නේ නැති බවත් ඉදිරියේ දී තමන් ඉල්ලා සිටින්නේ තනි තනිව බුද්ධි අංශ මෙහෙය වනවාට වඩා සියලු දෙනා ඒකාබද්ධව එම කටයුතු සිදුකිරීම බවත් මෙවැනි සිද්ධියක් මුල්කර ගෙන 83 කාලයේ සහ දිනග ප්‍රදේශයේ සිදුවූ සිද්ධීන් නැවත ඇති වන්නට කිසිසේත් ඉඩලබා නොදෙන බවත් හමුදාව රටේම ආරක්ෂාව තහවුරුකර ඇති බවත් හමුදාපතිවරයා කියා සිටියේය.
රටේ ජනතාව හමුදා කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් දැන් කාගැනවත් විශ්වාසයක් නැ. ඔක්කොම කරන්නේ අමුලික බොරුව. දැන දැනම රටේ අහිංසක මහජනතාවට අමු අමුවේ මැරෙන්න ඉඩ දීලා නිහඬව ඉන්න පාලකයන්ට කත් අදින ආරක්ෂක අංශය කොහොමද විශ්වාස තබන්නේ?
ඉල්ල ඉල්ල ඉදලා වැඩක් නෑ මහත්තයෝ. දැන් තියෙන්නේ පැනලා අල්ලා ගන්නයි.. තවත් විනාස වෙන්න කලින්...
මම මේකට 100% ක් එකඟ නොවුණත්, මෙතුමා කියන්නා වගේ දින කිහිපයකට හෝ හමුදාවට එම බලය දී නැගෙනහිර වැනි පළාත් දැඩි සෝදිසියකට ලක්කළ යුතුයි.
ආරංචිය නම් 90 ගානකගේ නම් ලැයිස්තුවක් තිබෙන බව වුවත්, විවිධ අතපෙවීම් හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති නිසා වරෙන්තු නොමැතිවම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීමේ පූර්ණ අයිතිය හමුදාවට දිය යුතුය. අවශ්‍ය වෙලාවේදී නොමැති හදිසි නීතිය අන් කවර දේකටද?
ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා මතක් වුණා.
නිකන් බොරු කියන්න එපා. මෙච්චර එකක් වෙලත් අගමැති හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කියලා එන්න කිව්වම ගමරාල අරලිය ගහ මන්දිරයට යන්න එපා කිව්වා කියලා ගියේ නැහැ නේද? ඔහොමද හදිසි අවස්ථාවකදී වැඩ කරන්නේ? අන්තිමේ අගමැතිට යන්න වුණාලු නේද ආරක්ෂක ප්‍රධානින් හම්බවෙන්න?
මේ ලොක්කෝ ටික එකතුවුණොත් දියවන්නාවේ එක එක බල තණ්හාවට අදාල දේවල් වලට ගිවිසුම් ගහගන්නවා. 17 හරි කියයි 18 ගේනවා කියයි නමුත් රටේ. කාලබිමක් අාවොත් ආරක්ෂක අංශ කියන්න. ප්‍රථම බලය අතට අරන් වැඩකළයුතුයි කියන ගැසට් පත්‍රය දැන් පටන් ක්‍රියාත්මක කරන්න. ලොකු බඩගෙඩි වලට දෙන ආරක්ෂාව අයින් කරන්න. හමුදා බටයින් රටේ පාලනය අතට ගන්න. ඕක කියන්නත් දෙයක්ද? විරුද්ධ වුනොත් ජනතාව බලාගනියි. ඔය ලොකු බඩ ගෙඩි තියෙන කට්ටිය... තමන්ගේ දරුවා විතරයි රැකගන්න බලන්නේ...
මෙතුමා නේද කිව්වේ ජාතික ආරක්ෂාවට කිසිම ගැටළුවක් නැහැ 2015න් පස්සේ. බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තට, හමුදා කඳවුරු උතුරෙන් අයින් කළාට කමක් නැහැ කියලා. ජාතික ආරක්ෂාව හොඳින් කියලා... දේශපාලකයින්ට කඩේ යන්න එපා.. අපිට විශ්වාසය තියෙන්නේ හමුදාව ගැන විතරයි. හැබැයි හමුදාපතිට සේවා දිගුව දෙන්නේ දේශපාලකයින් නම් එතැනත් ගැටළුවක්... ඒ කොහොම වුණත් අපි හිතනවා ඔබතුමා දැන්වත් අවංකව මේවට සම්බන්ධ සියලුදෙනා දේශපාලකයින් ඇතුළුව අත්අඩංගුවට ගනීවි කියලා..
මේ කාලකණ්නි ආණ්ඩුව ඉවරයක් කරලා දෙන්නකෝ..., මේ ටික ඉන්නකම් මොන රෙද්ද කළත් වැඩක් නෑ..! ඊට පස්සේ උඹලාව විශ්වාස කරන්නම්.. !
බලය ඉල්ලන් සම්පූර්ණ සුද්දයක් දෙන්න. විශේෂයෙන්ම නැගෙනහිර හොඳින් සුද්ද කරන්න. ඕනෑම වරදක් කරලා ගිහින් හැංගෙන්නේ ඒ පැත්තේ... ඒ වගේම විදෙස් වලින් එන සමහරු මොවුන් සංවිධාන කරන්නෙත් එහේ.
ලෝකයේ භයානක ත්රස්තවාදීන් විනාශ කළ විරුවන්ට අවශ්‍ය බලය ලබාදෙන්න. හමුදාව සියයට 100ක් නිමා කරලා පෙන්නාවි. විශ්වාසයි... රණවිරුවන් සියලුදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා...!!
මුස්ලිම් සමාජයට ලොකු වගකීමක් තියෙනවා, මේ මුස්ලිම් කල්ලි කිසිම එකකට සහයෝගය දෙන්න එපා. මොවුන්ගෙන් මුස්ලිම් අාගමටවත්, මුස්ලිම්වරුන්ටවත් කිසිම සේවයක් වෙන්නේ නැහැ. වෙන්නේ විනාශය පමණයි. ආරක්ෂක අංශවලට සහාය දෙන්න.. මේ පරීක්ෂණ මුස්ලිම් ජනයාට විරුද්ධව නොවන බව තේරුම් ගන්න. ඔබ ඉස්ලාම් අාගම අදහන්න කිසිම කෙනෙක්ට ගැටළුවක් නැහැ. නමුත් මුස්ලිම් කල්ලි වාදයට විරුද්ධ වෙන්න. බුර්කාව ප්‍රතික්ෂේප කරන්න. එය ඇදීම අත්‍යාවශ්‍ය නැහැ. ඔබත් ශ්‍රී ලාංකික සමාජයේම කොටසක් වෙන්න. අරබිකාරයන් වෙන්න හදන්න එපා.. අපි අපේ රට රැකගමු.. මුස්ලිම් පල්ලිවල සැබැ ඉස්ලාම් උගන්වන්න. අරාබිකාරයන් වෙන්න එපා. කල්ලිවාදය පරදමු. අන්තවාදය, ත්‍රස්තවාදය නවතමු.. ඔබේ දරුවාව ගොදුරුවෙන්න දෙන්න එපා.. මේ කල්ලිවාදයට.. ඔහුට උගන්වන්න ශ්‍රී ලාංකිකයෙක් වෙන්න.. අනෙක් ජනතාව සමග සහයෝගයෙන් ඉන්න..
බලය ඉල්ලන්න එපා. බලය අතට ගන්න. නැත්නම් අපේ රටේ විනාසයි ...
මෙතුමා ඇත්ත පවසන්නේ.බලය නොමැතිව කටයුතු කරන්නේ කොහොමද ? බලය තියෙන කෙනා ඇමති මුළු බලයම තනිවම අතේ තියාගෙන.මේ වගේ නායකයන් ගැන තවත් විශ්වාසය තියන්නේ කොහොමද ?
අනා ගැනීමේ සිමාව නොදත් අය.
හමුදාව රටේම ආරක්ෂාව තහවුරු කරලා තියෙනවනම් රටේ බෝම්බ පිපිරෙන්නේ කොහොමද.
ඔබතුමාට බලය සහ ධෛර්යය ලැබේවා
ඔය පරීක්ෂණ කරනවා කියුවට තවම අපි දැක්කේ නැහැ මේකේ මහා මොලකරු වන් සැඟවී සිටිනවා කියන අක්කරෙයිපත්තු, ඔලූවිල් , කන්තක්කුඩි කියන ප්‍රදේශවල පොලිසියවත් හමුදාවත් යනවා ,අපේ කට්ටිය බයයිද ඒ පැත්තේ යන්න ? නැත්නම් යන්න එපා කියලද ?
මම ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්ෂයට...... නමුත් අවුරුදු 2 ට කලින් මම නැගෙනහිර පළාතට ගියාම තේරුණා ලංකාවේ ආරක්ෂාව බල්ලට දල තියෙන වග .වහාම හමුදාවට උපරිම බලතල දිය යුතුයි..... සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති කරන්න.....
මේ වෙලාවේ නැති කඩුව කොස් කොටන්නද? බලෙන් හරි හරි දේ කරන්න.
ඔබතුමා මෙම ප්‍රකාශ මීට කලින් කියන්න තිබුනානම් අපට තේරුම් ගන්න තිබුන රටේ ආරක්ෂක තත්වේ. එතකොට රස්සාව නැතිවෙන්න තිබුනා.