
(කේෂර ගුණතිලක)
පහරදී තුවාල සිදුකිරීම, කෘර ලෙස වධ හිංසා පමුණවීම යන චෝදනාවන්ට වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු (පූර්වගාමී) චින්තක ශ්රීනාත් ගුණසේකර මහතා වසර හතක සිර දඬුවමක් අද නියම කළේය.
මෙසේ සිර දඬුවම් නියම වූයේ සියඹලාණ්ඩුව පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරික්සක ඩී.එම් සුදු බණ්ඩා දිසානායක නැමති අයටය.
විත්තිකරු මීට වසර පහකට පමණ ඉහතදී හම්බේගමුව පොලීසියේ සේවය කරමින් සිටියදී අයුතු ලෙස පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පොලීසියේ රඳවා ගෙන පහරදී තුවාල සිදුකිරීම,කෘර වධ හිංසා කිරීම යන අධි චෝදනා යටතේ කොළඹ විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම නඩුව පවරා තිබිණි.
සිර දඬුවමට අමතරව රුපියල දස දහසක දඩයක්ද,එය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක්ද වින්දිත තැනැත්තාට රුපියල් එක් ලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසද වන්දිය නොගෙවන්නේ නම් වසරක සිර දඬුවමක්ද නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, ලංකාවේ සියලු පොලිස් නිලධාරින්ට හොද පාඩමක්...
හොඳ ආරම්භයක්. මේ වගේ යුනිෆෝම් චන්ඩි තව ඉන්නවා. පාරෙ චන්ඩි, හිට් ස්කොඩ් චන්ඩි, දේශපාලන කොන්ත්රාත් චන්ඩි ඔක්කොම ඇතුලට යන වසරක් වේවා...
මේ වගේ කලාතුරකින් කෙනෙක් නීතියේ පිහිට පැතුවාට ධනය බලය නැති පුද්ගලයින් එකම සැනසීම ශාපය.පොලිසිය කිසිදාක ධනය බලය තියෙන අයට මෙහෙම කරන්නේ නෑ
මේ නඩු තීන්දු පොලිස් නිලධාරීන්ගේ මූලික පුහුණු පාඨමාලාවට ඇතුළත් විය යුතුයි නොවේද?
පෙන්ෂන් එකත් නැති කරගෙන අන්තිමට පාරට බහින්නයි සිද්ද වෙන්නේ. විනීත විදිහට රාජකාරිය කළා නම් ඉවරයිනේ. සුදු බණ්ඩාගේ පවුලේ අයත් ගමේ අයට චණ්ඩි පාට් දාගෙනද ඉදලා තියෙන්නේ. එහෙම නම් ඉතින් ගම් වැසියන්ගේ උසුළු විසුළු වලට ලක්වන එක වළකන්න බැරිවෙයි.