හඬ පට ප්‍රචාරය වීමෙන් පෞද්ගලිකව හානී වු සියලු දෙනාගෙන් අවංකවම සමාව ඉල්ලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ( 21) පැවසීය.
පාර්ලිමේන්තුව අමතමින් රන්ජන් රාමනායක මහතා මේ බව පැවසීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
හඬපට ප්‍රචාරය වීමෙන් හානි වූ සෑම මනුස්සයෙකුටම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සියලුම දෙනාගෙන් මම සමාව ඉල්ලා සිටිනවා.
මම හිතාම හඬපට හෙළිදරව් කළේ නෑ.වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටිය හඬපට මිසක් මම කවදාවත් හෙළිකරලා කාගේවත් පවුල් ජිවිත හා සාමය නැති කරන්න ඒවා හෙළි කළේ නෑ. එක කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ----- ව්‍යාපාරිකයකුගේ ----- නාලිකාවක් කියන එක මම මේ අවස්ථාවේ කියනවා.
මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කරපු හොරොන්ව ඇතුළට දාන්න මිසක් නිදහස් කරන්න නෙමෙයි. අපි ආවේ සියලු දෙනා එකතු වෙලා මේ සටන ජයග්‍රහණය කරමු. මා ළඟ තවත් රටට හංගන සංවාද මේ සභාවේ මා සභාගත කරනවා. මා සමඟ නිර්භයව කතා කළ අගවිනිසුරුවරු, විනිසුරුවරු, රාජ්‍ය නායකවරු මා සමඟ කතා කළා. ඒ අය කිවූ කතා ජනතාවට දැනගැනීමට අයිතියක් තියෙනවා. රාජ්‍ය නායකයාගේ හඬින්ම තියෙනවා. කැබිනට් ඇමැතිවරු ඉන්නවා. කැබිනට් ඇමැතිවරුගේ නෝනලා ඉන්නවා. ඒ අයගේ දරුවන් ඉන්නවා.ඒ අය මට දුක කියලා තියෙනවා. ඒ සියලුදෙනාගේ හඬපට මම සභාගත කරනවා.හැන්සාඩ් එකේ අයට ඒවා මගෙන් ලබා ගත හැකි මම ඒවා පාර්ලිමේන්තුවට ලබාදෙනවා.
මුලාසන මන්ත්‍රීතුමනි, රන්ජන් රාමනායක වන මම ඇයි මේවාගේ දෙයක් කළේ කියලා ජනතාව අහනවා. මුලාසන මන්ත්‍රීවරුනි,මම කෝප් කමිටුවේ සාමාජිකයෙක්. කෝප් කමිටුවේ තියෙන්නේ දුෂණ වංචා ගැන සොයන්න. ඒවාගේම දුෂණ වංචා ආංශික කාරක සභාවේ සාමාජිකයෙක්.
මම පසුගිය ටිකේ සුනිල් හඳුන්නෙති මන්ත්‍රීතුමා සමඟ කෝප් කමිටුවේ වැටලීම් වලට සක්‍රීයව දායක වුණ මන්ත්‍රිවරයෙක්. ඒ වැටලීම් වලට යද්දී මාධ්‍යවේදීන්ටත් හොරෙන් මගේ විඩියෝ කැමරාවක් මම අරගෙන ගියා. එහෙම අරන් ගියේ ලංකාවේ මිනිස්සු වගේ වචනය වෙනස් කරන කිව්ව දේ නෑ කියන, දන්නේ නෑ කියන, මතක නෑ කියන ජනතාවක් මම ලෝක දැකලා නෑ. සමහර අය කියනවා මම කිව්වා නෑ කියලා කිව්වාම මට පෙන්නන්න තියෙනවා.මේක පසුගිය කාලේ වුණා.
රංගේ බණ්ඩාරට කතා කලා එස්බී දිසානායක මහතා. රංගේ ඔයා එනවාද කියලා දැන් මම ආවොත් ඔයාට කැබිනට් ඇමැතිකමක් ගන්ඩ පුළුවන්. රංගේ බණ්ඩාර ඕක ඇහුවා නම් ජනමාධ්‍යවේදීන් කියයි බොරු බයිලා කියන්න එපා. අපිට රෙකෝඩින් පෙන්නන්න. සාක්කි පෙන්නන්න කියලා .
අපි දන්නවා ලෝක හොරෙක් කියලා. සුනාමි වංචාව, කතරගම වංචාව, මහබැංකු වංචාව,ඇවන්ට්ගාඩ් වංචාව මේ සේරම කියද්දී ජනතාව කිව්වේ සාක්කි කෝ කියලා. ඒ නිසා තමයි මම හැම දේටම සාක්කි, දත්ත, වෛද්‍ය වාර්තා, සහතික මේ සේම තියාගත්තේ.ඒ කළේ හොරු අල්ලන්න. හොරුන්ව කූඩු කරන්න. හොරුන්ව ඇතුළට දාන්න. හොරු නිදහස් කරන්න නෙමෙයි.
මෙතන ඉන්න දුෂිතයන්ගේ චරිත සහතික මට ඕනෑ නෑ. මේ සේරම ඔප්පු කරන්න හඬපට වාගේම විඩියෝ පට තියෙනවා. කාටවත් සෙල්ලම් කරන්න බෑ. පහුගිය ටිකේ දැක්කා සාක්කි කරුවන් මිලදී ගැනීම. මේක මට කිව්වේ හිරුණිකා මැතිනිය. එතුමියගේ පියා ළඟ වැඩ කළා බෝලේ කියලා රියදුරෙක්. ඒ රියදුරා පළමු නඩුවේ දී භාරත පැත්තේ සිටියා. පස්සේ ලක්ෂ 70 ක් දීලා ඒ රියදුරු මිලට ගෙන වෙන සාක්කියක් දුන්නා.
මම කාටවත් අපහස කරනවා නෙමෙයි නඩුව දැම්මා එෆ්සිඅයිඩිය එකේ. දැන් අලුත් ක්‍රමය තමයි විත්තිකාරයන් පැමිණිලි කාරයන් සෙට් වෙනවා.අපි දාමු දුර්වල නඩුවක් දුර්වල නඩුව දාපුවාම නඩුව මඟදී හැලෙනවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් කිතුලට නැග්ග මනුස්සයා වගේ. එයා කියන ආකාරයට හොරු ඇල්ලුවා නම් කොහොමද ඔය කියන කට්ටිය එළියේ ඉන්නේ? අවුරුදු හතර හමාරක් කරගන්න බැරි වුනු දේවල් ගැන දැන් කියලා වැඩක් නැහැ. ඔය අනෙක් අයගේ හඬපටත් එළියට දාන්න බොරුවට පොර වෙන්න බලන්නේ නැතුව.
තොර තොරන්චියක් නැතිව ෆෝන් වලින් වල් පල් කතා කරන අයට හොඳ පාඩම.
ඕනෑම මෝඩයෙකුට සමාව ඉල්ලා සිටිය හැකිය. නමුත් වැඩිහිටියෙක් විශ්වාසය තහවුරු කළ යුතුය. විශාල මාංශ පේශි ඇති කුඩා ළදරුවන් පාර්ලිමේන්තුවට යවන්න එපා.
අන්න හරි පුතා මහ අයගේ ඒවා එළියට දාන්න රෙදි ගැළවෙන්න.
රන්ජා හරි.....
තමන්ගේ ජාන පිළිබදව මුළු සමාජයටම ප්‍රසිද්ධියේ මෙම " හරකා " විසින්ම ප්‍රකාශ කිරීම පිළිබදව එක අතකින් සතුටකි. ඒවාට සමාව දෙන එක දේව ගතිය. එනමුත් සමාව දීම නොවේ මෙහි ගැටලුව කරපු වැඩ නිසා හානියට පත් වුනු චරිත, පවුල් සංස්ථාවල් නැවත යථා තත්වයට ගෙන ඒමට හැකිවේද යන්නවත් " මේ හරකාට " නොතේරීම කණගාටුවකි.
පුළුවන්නම් රෙදි ගලවන්න.
මොනවා කරත් මෙම පිරිස් සමඟ සිටින අහිංසක, කිසිම සම්බන්ධයක් නැති දු දරුවන් සහෝදර සහෝදරියන් දෙමාපියන් නෑදෑ සැමට වන අසාධාරණයට වග කිව යුතු කවුද ?
එතකොට ඕස්ට්‍රේලියාවේ හංගපු හඬපටි ? ඒවා එහෙ මිනිස්සුන්ගේ හොර අල්ලන්න පටිගත කළ ඒවාද ? මුළු රටේම ඉන්නේ විහිළුකාර දේශපාලකයන් කියලා ලෝකෙට කියන්නේ නැතිව ඕවා එලියට දාන්න බැරි වුණේ මොකද .?
ඔබ හරි රන්ජන්. මේ හොර රැළේම රෙදි ගලවන්න.
මොන දේ කරන්නත් ශිෂ්ට සම්පන්න ආචාර ධර්ම පද්ධතියක් ඇත. එයයි විශිෂ්ටයකුගේ ප්‍රතිභාව.
සුදනෝ වෙන්න හැදුවට ගොඩක් දේශපාලුවන්ගේ පැටිකිරිය ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ඇයි ඔයා හිරුණිකාගෙන් සමාව ඉල්ලුවෙ. ඒ හඩ පට එයාගෙ නෙවෙයිලුනෙ..
රන්ජන් මේ වැඩේ කළ හැටි සදාචාරාත්මක නැහැ. හැබැයි, මේ ඉන්න 225 දෙනාගෙන් කොයි හාදයද සදාචාර සම්පන්න? දැන් සිද්ද වෙන්නේ මොකක්ද කියන එක වහලෙකු නොවන ඕනෑම කෙනෙකුට තේරෙන්න ඕන. හඬ පට වලින් අපිට මෝඩ චුන් එකක් දෙන ගමන් දෙරණේ අයියගේ මල්ලි හෙමිහිට එලියට එයි. කොහොම වුණත් රන්ජන් අගමැතිගේ හඬ එලියට දාන එක හොඳයි. බලමුකෝ ඒවායින් මොනවද කියවෙන්නේ කියල.
රංජන්ගේ හඬපටි ඔහුට අයත් පෞද්ගලික වස්තුවක. ඔහු ඒවා ප්‍රසිද්ධ කළේ නැහැ.ඔහුගේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරවයි ජනතාව හමුවට පත් කරලා තියෙන්නේ. සැබෑ වැරදිකරුවන් ප්‍රසිද්ධ කළ උදවියයි.
බොහෝමයක් දේශපාලන චරිත සුදු ඇදන් හිටියට කුණු ගොඩවල්. හැබයි ඉතින් අපේ රටේ මෝඩයන් වැඩි නිසා කොහොමත් එයාලා දිනනවා.. උගත් බුද්ධිමත් හෝ ප්‍රායෝගික මිනිස්සු වෙනුවට කසිප්පු මුදලාලිලා, බුකී කාරයන්, කුඩු කාරයන්, ලෝක හොරු සහ නලුවෝ පාර්ලිමේන්තු යන්නේ ඒකයි... මිනිස්සු කතාවලට රැවටෙනවා ලස්සනට ..
මෙය කියලා තියන්නේ හරි දේ ලංකාවේ අය අංක 01 වචන මාරුකරනවා !!!!!!
මම රංජා හරි කියනව නෙවෙයි. ඒත් මනුස්සයෙක් ට ඕනෙ කෙනෙක් එක්ක ඕනෙ දෙයක් කතා කරන්න පුලුවන් . ඒව පටිගත කරගන්නත් පුලුවන් ඒත් ඒක සදාචාර විරෝධී ව ප්‍රචාරය කීරීම සම්පූර්ණ යෙන් ම වැරදි වැඩක් . මෙක රංජා කළානම් වැරදියි. රංජා ගෙ පුද්ගලික දේවල් වල තියෙන දේවල් වැරදි වෙන්න පුලුවන් ඒක අපිට අදාල නැත. රටේ වෙන දේවල් අමතක කරවන්න මේකෙන් මිනිස්සුන්ගෙ කාලය යවන්න තමයි බලන්නෙ.
රන්ජන් ඔබ නිවැරදී.
ඔබට ජය.!
රන්ජන්ගේ හඬපට වලින් කුණු රසය බුක්ති විඳිනඅයට දැන් හොඳට බඩකට පිරෙන පාටයි. විල්පත්තුව කපපු අය, ෂරියා විශ්ව විද්‍යාල ආරම්භ කල අය, පාස්කු ප්‍රහාරයට වගකිවයුතුහ්තන්, මහබැංකු හොරු ගැන වගේ වගක් නැහැ. "තැලෙන යකඩේ දැක්කම උඩ පැන පැන තලනවාලු"
රන්ජ දිනුවානම් නම් ඔය හඩ පටි එලියට එන්නේ නැත, එහෙනම් හොදට නීතිය නවන්න පුළුවන්, කෙසේ වෙතත් කාගේ කාගේත් කිල්ලොටේ හුණු පොඩ්ඩ පොඩ්ඩ ඇත. ඔක්කොම දේශපාලුවෝ එකයි මොන පක්ෂේ වුනත්
මන් ඔය එක පැත්තකවත් නැහැ. එත් රන්ජන් කරපු දේ අගය කරනවා
මෙහි ඇති වැරැද්ද තමයි අධිකරණ තීන්දු වෙනස් කිරීමට කර ඇති බලපෑම.
රන්ජන් කරන්නේ මෝඩ වැඩක්. රන්ජන් ලංකාවේ මිනිස්සු හරි හැටි දන්නේ නැහැ . රන්ජන් හිතන්නේ මිනිස්සු ඔතන ඉන්න අය හොරු , මිනීමරුවෝ ,ස්ත්‍රී දූෂකයෝ කියල දන්නේ නැහැ කියලා. මිනිස්සු හොඳට දන්නවා. එකයි මිනිස්සු කැමති.
අගවිනිසුරු වරියන්ව පයින් ගහලා පන්නපු රටක, රන්ජන් නඩුකාරයෝ සමග සංවාද කරන එක සමහරකට පුදුම උනාට අපට නම් ඕවා විහිලු.
මොනා උනත් රන්ජන්, පොකට් එකට නම් විදලා නැහැ කාගේ වත්, හා නැද්ද?
රන්ජන් කරපු වැරැද්දට සමාව ඉල්ලලා තියෙනවා. එයා වැදගත් දෙයක්. පුද්ගලික හඬ පටි ප්‍රචාරය කලේ රන්ජන් නොවෙයි. අන්න ඒ අයට විරුද්ධව තමයි නඩු දැමිය යුත්තේ.
"මම රංජා හරි කියනව නෙවෙයි. ඒත් මනුස්සයෙක් ට ඕනෙ කෙනෙක් එක්ක ඕනෙ දෙයක් කතා කරන්න පුලුවන් " ඒ අනික් තැනැත්තා කැමතිනම් පමණයි. දෙදෙනාම හිතනවානම් අනිකාගෙන් ප්‍රයෝජනයක් තිබෙනවා කියලා දෙදෙනාටම කතා කලහැකී . රන්ජන් දේශපාලනයේ ඉන්න නිසා සමහර මිනිසුන් ඔහු සමග කතාකලා. රන්ජන් නළුවෙක් පමණක් වෙලා හිටියානම් විනිසුරුවන් ඔහු සමග කතාවට යාවී කියා සිතන්න බැහැ. රන්ජන් විනිසුරුවන්ගෙන් තොරතුරු ගත්තේ අල්ලස් හැටියට උසස්වීම් පොරොන්දුවෙලා. එක බලවත් වරදක්. ඒ වැරැද්ද දෙගොල්ලොම කර තබෙනවා. රන්ජ තමන්ගේ සීමාවන් දැනගෙන සිටියේ නැහැ.
හඩපට ආවත් නැතත් පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු 225 ක් කියලා දැනගෙන ගොඩක් කල්. වැඩේ තියෙන්නේ ඒ අයට කත්අදින්නේ, රෙදි හෝදන්නේ පක්ෂ වලට බෙදිලා අපේම මිනිස්සුනේ.
රන්ජන්ට පොඩි වාතයක් ගියා. එය ටිකක් ගඳයි තමා. එත් කක්කුස්සි එහෙම පිටින් ගිලපු අයට එහි ගඳ ගැන කතාකරන්න අයිතියක් නැහැ.
දැන් අපිට තියෙන්නේ ඊළඟ ඡන්දෙදි අපේ වගකීම ඉටුකරන්න.
මේ විකට නළුවා ෆෝන් එකෙන් කතාකරන කරන ගමන් ඒවා රෙකෝඩ් කරලා. ඒ මදිවට පාර්ලිමේන්තුවට ඇවිල්ලා තවත් කෙබර හලනවා තමන් නිර්දෝෂී කියලා හගවන්න.
පාර්ලිමේන්තුවේ සිටිය යුතු මිනිහෙක්.
ඕනවට වැඩිය තැන දීලා කරගත්තු හදියක්....
අපේ මිනිස්සු කැමතිම අනුන්ගෙ කුණු හොයන්න. තමන්ගෙ කුණු කප්පරක් තියෙද්දි. මට නම් මේ මනුස්සය ගැන තියෙන්නෙ පිලිකුලක්.
රන්ජන් සත්‍ය ප්‍රකාශ කිරීම අගේ කොට සලකමි. ඇත්ත කියන කෙනාට තැබෑරුමේත් ඉඩක් නෑ කියලා කතාවක් තියනවා. ජේසුතුමා එකළ සත්‍ය ප්‍රකාශ කළ නිසා භිය වූ ජුදෙව් සහ රෝම පාලකයෝ ජේසුතුමා කුරුසියේ ඇන ගසා මරා දැමුවා. පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් විශේෂයෙන්ම නිතර බොරු කියා මහජනයා රවටන ජඩ මාධ්‍ය වලින් රන්ජන්ට කරදර ප්‍රශ්න එන්න පුළුවන්.
වුනු දේ ඉවරයි. දැන් නළු නිළියන්, ක්‍රීඩකයන් පාර්ලිමේන්තුවට යවන එක නවත්වන්න. 1977 ට කලින් තිබුණු රට නැවතත් ගොඩ නගමු. මේ හැමදෙයක්ම වෙන්න ජනතාව තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන විදිහ අනුව. මේ හැම දෙයකටම ජනතාව වග කියන්න ඕනේ
බටහිර කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරවන යු. එන්.පී.එකේ ඉත්තෙකි. මොහුට රටක් ජාතියක් ජන්මයක් නැත. ද්‍රෝහියෙකි.
කවදහරි දවසක සත්‍ය ජය ගන්නවා.
අපේ රට පාලනය කරනලද සියලුම නායකයින් වත්මන් තත්වය පිළීබදව වගකිව යුතුයි සියලුම අයගේ හෙලුව ස්භාවධර්මයා විසින් හෙලිකර ඇත. පුද්ගලික මෙන්ම නඩු බඩු වන විඩියෝ පට එලි කිරිමද වැරැද්දක් නොවේද කෙසේ වෙතත් සියලුම හොරුන් පිළීබද රටට දැනගන්නට ලැබීමත් එක් වාසනාවක්. රංජන් කියන දෙය නිසා ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති මහජනතාවගේ ඇස් දැන් ඇරේවි පාලනය කරන ලද නායකයන් නිසි අයුරින් ඉටු කලේ නම් අපේ රට සිංගප්පූරුවට නොදෙවෙනි විය යුතුයි.