
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් රාසික් මහීර් 51 නමැත්තෙකි.
කතරගම සිට කොළඹ බලා පෞද්ගලික බස් රථය පැමිණෙමින් සිටියදී එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියේ ගැටීමෙන් යතුරුපැදිය පිටතට විසිවී ඇති අතර පැදිකරුගේ හිස ප්‍රදේශය පිටුපස පා පුවරුව අසල රෝද දෙකටම යට වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බස් රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ඇත. කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුද්ගලික බසයට යටවී යතුරුපැදිකරු මරුට
charith Friday, 27 December 2024 09:36 AM
පාරට බැස්සම යතුරු පැදි කරුවො යන හැටි දැක්කම කනපැලෙන්න ගහන්න හිතෙන්නෙ. පරිස්සමින්ම පාරෙ යන්න ඕන මිනිස්සු යන්නෙ පාරේ ආරක්ෂිතවම වාහනේ යන අය වගේ. වමෙන් යන්න, ආරක්ෂිතව යන්න කවුරුත් දන්නෙ නැ. හරි දේ කියල දෙන්න පොලීසියත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැ.
ගුණරත්න Friday, 27 December 2024 02:09 PM
මේ බස් එක බයිසිකලේ පිටුපස්සෙන් හප්පලා බයිසිකලේ ගියපු මනුස්සය යට වෙලා මැරිලා. පිටුපස්සෙන් ආ බස් රථය අපරීක්ෂාකාරීව ධාවනය කල නිසා නොවෙයිද මරණය සිදු වුනේ?