(නිමල කොඩිතුවක්කු)

පෞද්ගලික බස් කර්මාන්තය සඳහා මෙවර අයවැයෙන් කිසිදු සහනයක් හිමි නොවූ  බව බස් රථ සංගම් පවසති.

අයවැයට පෙර පෞද්ගලික බස් සංගම් සමග කිසිදු  සාකච්ඡාවක් හෝ සිදු නොකර මෙවර අයවැය සකස් කර ඇතැයිද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

ලීසි පොලී අනුපාත අඩුකිරීම, බස් රථ ආනයනයට අවසර ලබාදීම, ඉන්ධන සහනාධාරයක් ලබාදීම ඇතුලු සහන බස් සංගම් මෙවර අයවැයෙන් අපේකෂා කළ බවත්  ඔහු සඳහන් කළේය.

පෞද්ගලික බස් කර්මාණ්තය සඳහා වඅහ්‍ය සහන ලබැගැනිම සම්බන්ධයෙන් අයවැය යෝජනාවලියෙන් පසුව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවත් ඔහු තවදුරටත් කීවේය.