(එස්.ජි. උභයපාල)
සංචරණ සීමා පනවා ඇති කාලයේ රාජ්‍ය නිළධාරීන් නොමඟ යවමින් පුද්ගලික ගල් වලකට සදහා යාමට මැදවච්චිය වල්පොළ රජයේ රක්ෂිතය හරහා බැකෝ යන්ත්‍රයකින් පාරක් කපමින් සිටි එහි ක්‍රියාකරු හා බැකෝ යන්ත්‍රය අත් අඩංගුවට ගත් බව මැදවච්චිය අඩවි වන නිළධාරී කාර්යාලය කියයි.
මැදවච්චිය ප්‍රාදේශීය සභා පරාජිත දේශපාලන අපේක්ෂකයකු අයත් ගල්වළකට යෑම සඳහා මෙම පාර කපා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
ඒ සම්බන්ධයෙන් ගම්වාසීහු විරෝධතාවයක් ද සිදු කළහ.
සෙට්ටිකුලම පොළිස් විශේෂ කාර්යය බළකා වැටලීම් නිළධාරීන්, මැදවච්චිය අඩවි වන කාර්යාල නිලධාරීන් සහ මැදවච්චිය පොළිස් නිළධාරීන් එක්ව කළ මෙහෙයුමකදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඒ වන විටද මෙම පුද්ගලයාගේ බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් වසර 40 කට 50 කට ආසන්න දැවැන්ත රූස්ස ගස් සහිත රජයේ රක්ෂිත කපා, අඩි 18 කට ආසන්න ප්‍රමාණයක් මාර්ගයක් සකස් කරමින් සිට ඇත.
අත් අඩංගුවට ගෙන ඇති බැකෝ යන්ත්‍රය සහ පුද්ගලයින් ඉදිරියේදී මැදවච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මැදවච්චිය අඩවි වන නිළධාරී කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 25000- 50000 දඩගහලා හරියන්නේ නෑ. ඕවා නවත්වන්න බැහැ. බැකෝ යන්ත්‍රයක් රාජසන්තක කරන්න ඕනෑ... විනාශය යන්ත්රයට වඩා වැඩියි.
නිදොස්කර නිදහස් කරයිද දන්නැ.වෙන මොනවා කරන්නද
අපේ රක්ෂිත මැදින් පාරවල් කැපීමේ විශේඥයින්ගෙන් උපදෙස් ගත්තා නම් හරිනේ.