(මුදිතා දයානන්ද)
අවුරුද්දකින් නිමවිය යුතු ඉදිකිරිමක් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මධ්‍යම කාර්යාංශය හැර අනෙකුත් රජයේ ඉදිකිරීම් ආයතනවලට බාරදුන්නොත් එය අවසන් කරන්නේ අවුරුදු දහයකින්. පෞද්ගලික ඉදිකිරිම් සමාගම් රාජ්‍ය අංශයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) පැවසීය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ජාතික ඉදිකිරිම් සංගමය සංවිධානය කරන ලද 19 වැනි ඉදිකිරිම් ප්‍රදර්ශනය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදි තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
අපේ රටේ ඉදිකිරිම් ක්ෂේත්රයේ දී පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා ප්‍රමිතියෙන් හා තත්ත්වයෙන් උසස් ලෙස ඉදිරියට ගිහින් තිබෙන බව මාගේ විශ්වාසයයි. ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මධ්‍යම කාර්යාංශය හැර අනෙකුත් රජයේ ඉදිකිරීම් ආයතනවලට යම් කිසි ඉදිකිරිමක් බාර දුන්නොත් අවුරුද්දකින් බලාපොරොත්තු වන ඉදිකිරිම අවසන් කරන්නේ අවුරුදු දහයකින් පමණ. එවැනි දක්ෂතාවයන් තමයි ඔවුන්ට තිබෙන්නේ. ඒ නිසා ඇතැම් සංවර්ධන ව්‍යාපෘති අපි බලාපොරොත්තු වන ආකාරයට කලට වෙලාවට අවසන් කරගන්න බැරි ප්‍රබල ගැටලූ රාජ්‍ය අංශයේ තිබෙනවා.
ඒ නිසා රාජ්‍ය අංශයේ කටයුතු වලදී පවතින ආර්ථික තත්ත්වයන්, පාරිසරික තත්ත්වයන්, රටේ සංවර්ධන ඉලක්ක, පිළිබඳව සැළකිලිමත් වීමේදි මේ කරුණු ගැන සැළකිලිමත් විම ඉතා වැදගත්. අපේ රටේ ඉදිකිරිම් ක්ෂේත්රය වසර දහස් ගණනක් ඈත ඉතිහාසයක් සහිතයි. වසර දහස් ගණනකට පෙර අපේ පැරැන්නන් ඉදිකිරීම් ක්ෂේත්රයේ කර තිබෙන ඇතැම් නිර්මාණ නව තාක්ෂණික ලෝකයක වුව තවමත් වටහා ගැනීමට නොහැකිවි තිබෙනවා. ඒවා සිදුකළේ කෙසේ දැයි ඒවායේ සැලසුම කුමක්දැයි සොයාගැනීමට නව තාක්ෂණයටවත් නොහැකි වි තිබෙනවා. එවැනි අතීත කතාවක් සමගයි අපේ ඉදිකිරීම් ක්ෂේත්රය ගොඩ නැගී තිබෙන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා බලලා කියලා කාර්යක්ෂම කරන්න තමයි ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ... නැතිව ආඩපාලි කියව කියව ඇවිදින්න නොවේ.
බොලේ හැබෑට... අපි අදමනේ මේ විස්තරේ දන්නේ... අපරාදේ කියන්න බැහැ අපේ පතෝල මුදලාලියත් ඉඳලා හිටලා විහිලුත් වගේම ඇත්තත් කියනවනේ... මේ එක එකා මොනතරම් මඩ ගහනවද අපේ මේ හාදයට අම්මපා...
මොන බොරුවක්ද මේ? මේවගේ කෙනෙක් ජීවිතේට පහළ වෙලා හිටියද මීට කලින්? පෞද්ගලික ආයතන ඔක්කොම බිම. කරන ඉලව් ඔක්කොම රජයේ ආයතන වලට... වාස්තු සහ ඉංජිනේරු නිර්මාණ කටයුතු වැඩි මුදලකට මොරටු විශ්ව විද්‍යාලයට. ඒකේ ඉන්න ආචාර්යවරු විශ්‍රාම යන්නේ නැතුව හැරමිටි ගගහ ඒ මහා පරිමාණ වැඩ කරකර හොඳට හම්බ කරනවා. කිසිම ටෙන්ඩරයකට සහභාගි වෙන්න අවස්ථාවක් දෙන්නේ නැති නිසා පෞද්ගලික ආයතන වහනවා. පෞද්ගලික ආයතන වල මහන්සියෙන් වැඩකරලා පඩියක් ගන්න, පඩියක් ගෙවන්න වෙරදරන මිනිසුන්ගෙන් ටැක්ස් ගහනවා රතුකට්ට පනින්නම... ඒ මදිවට රජයේ අය හැමදාම කලින් ගෙදර. ටැක්ස් ගෙවන්නෙත් නැහැ. මෙයා මගුලක් කියනවා...
චීන සමාගම් නම් ඉදිරියෙන්, මොකද ටෙන්ඩර හදන්නේ එවුන්ට ගැලපෙන්න...
ඔබ කියන අනෙකුත් සියලු ඉංජිනේරු ආයතන...
තිබෙන ප්‍රශ්න විසඳීමට කිසිම පියවරක් නොගෙන ආඩපාලි කියමින් රට වටේ ඇවිදින ඔබතුමාත් රජයේ නිලධාරිනුත් අතර කිසිම වෙනසක් මම නොදකිමි. ඔබතුමාත් ඉස්සර රජයේ නිලධාරියෙක් නේ?
රජයට වඩා මුළු රටම ඉදිරියෙන් සිටින්නේ...
ජනාධිපතිතුමා අවුරුදු 4 1/2ක් විතර අඳුරේ අතපත ගාලා දැන් රාජ්‍ය ආයතනවල ප්රශ්නය සොයාගෙන තිබෙන්නේ.., මේ ප්රශ්නය ගැන කොමිසමක් පත්කරලා තව අවුරුදු 2-3ක් අදින්න එතුමාව තව අවුරුදු 5කට ජනපති කරගනිමු. කොමිසම් වාර්තාව එනකොට තව අවුරුදු 4ක් විතර ගතවෙලා නිසා එ්ක විසඳන්න ව්‍යවස්ථාව හරි වෙනස් කරලා එතුමාව නැවත පත් කරගනිමු.
ඕක කියන්න ඕනෑයැ... ජල මණ්ඩලය වගේ කොන්ත්‍රාත්කරුවන්ට කෝටි ගණන්වලින් වැඩිපුර ගෙවන විට පෞද්ගලික ඉදිකිරීම් සමාගම් රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන්...
සමහර ලොක්කන්ට CECB එක ගානේ අත යට නොමිලේ නිවාස හදලා දෙන නිසා ඒක හොඳවෙලා තිබෙනවා කියලා ආරංචියි.
ආයතන ටික වැඩ බැරි දේශපාලන හෙන්චයියන්ගෙන් පුරවලා දැන් කියනවා වැඩ කරන්න බැරිලු. ඔය ආයතන වල රැකියා දෙනකොට සුදුසුකම් බලලා දෙන්න. එතකොට වැඩ ටික කෙරෙයි.
පුද්ගලික සමාගම්වල වැඩිපුර කෝටි ගණන් ගෙවනවා නම් ඉදිරියෙන් ඉන්න බැරිකමක් නැතිබව නොදන්නේ කවුද?