IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුදුකුඩඉරිප්පු මුත්තියන්කඩ්ඩු වැව් වාන කැඩී යාමෙන් පවුල් 1414 ක් අවතැන්

 (රොමේෂ් මධුෂංඛ)

පුදුකුඩඉරිප්පු මුත්තියන්කඩ්ඩු වැවේ වාන කැඩීයාමෙන්  ඇති වු ගංවතුර හේතුවෙන් පවුල් 1414 කට අයත් පුද්ගලයින් 4450 දෙනෙකු අවතැන්  වී  ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය  පවසයි.

මුත්තියන්කඩ්ඩු වැව කැඩීයාම හේතුවෙන් පවුල් 440 කට අයත් පුද්ගලයින් 724 දෙනෙකු ගංවතුරට කොටු වී සිටි අතර එහිදී මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ උපදෙස් පරිදි 64 වන සේනාංකයේ යුද හමුදා සෙබලුන් විසින් ගංවතුරට කොටුවූ වැසියන් බෝට්ටු  වලින්  ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව මුලතිව්හි ආරක්ෂිත කඳවුරු 22 ක පවුල් 1215 කට අයත් පුද්ගලයින් 3656 දෙනෙකු රඳවා ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය ඇතුළු  යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

එහිදී වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුත්තියන්කඩ්ඩු, කරවලකණ්ඩාල්, සුදන්දිරපුරම්, භාරතපුරම්, වල්ලවාපුරම් ඇතුළු ප්‍රදේශයන්හි ජනතාවයි.

මේ අනුව මුලතිව්හි ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජනතාව විපතට පත්ව තිබේ.



අදහස් (0)

පුදුකුඩඉරිප්පු මුත්තියන්කඩ්ඩු වැව් වාන කැඩී යාමෙන් පවුල් 1414 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site