(කේ බුද්ධික කුමාරසිරි )
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 45 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය.
එම දරුවන් සදහා වසරක පමණ කාළයක් අවම වශයෙන් පෝෂණීය ගුණයෙන් යුත් ආහාර වට්ටෝරුවක් ලබා දිය යුතු බවත් එලෙස කළහොත් පමණක් ප්‍රතිඵලයක් ලබා ගත හැකි බවත් ඒ මහතා පැවසීය.
එසේම මේ වන විට තම බල ප්‍රදේශය තුළ දරු උපත් අනුපාතය කෙමෙන් කෙමෙන් අඩු වී යන බවක් වර්ෂ 2014 දී සියයට 14.5 ක්ව පැවැති දරු උපත් අනුපාතය මේ වන විට සියයට 9 දක්වා පහත බැස ඇතැයි ද පැවසීය.
තවද විවාහ වී දරුවන් අපේක්ෂාවෙන් සිටින මුත් දරුඵල නොලැබ සිටින කාන්තාවන් 700 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් දරුවන් ලැබීමට සිටින ගැබිනි මව්වරුන් ප්‍රමාණය ද ඒ ආසන්නයට වන බැවින් දරැවන් බිහි කිරීමට හැකියාව ඇතිමුත් දරැඵල නොමැති සංඛාව සියයට 50 ක් පමණ වන බනත් මෙය ඉතා කනගාටුදායක තත්වයක් බවත් වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය.
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය වර්ග කිලෝමීටර් 140 ක් පමණ බවත් එහි පවුල් විසි පන්දහසක පුද්ගලයින් 72000 ක් පමණ සිටින බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාදුක්කේ විතරක් නෙමෙයි. මුළු රටේම තත්වය ඕක තමයි. සාමාන්‍ය ජනතාව අන්ත අසරණයි. නමුත් ජනතා බදු මුදලින් යැපෙනා පාලකයින් සහ ඔවුන්ට ආවඩනා නිළධාරීන්ට රජ සැප.
ඕක සෞඛ්‍ය ඇමතිගෙන් තහවුරු කරගත්තද ?නැත්නම් ඉතින් වැඩත් තහනම් කරයි ඔය වගේ ප්‍රකාශ කරා කියලා
මේ ගැන කොතරම් ලිපි පල කලත් මේ අදම පාලකයින් මේ ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ .අසරණ දරු පරපුර විනාශයි
ජනතාවගේ චන්දෙන් බලයට ආපු කාලකන්නි දුශිත දේසපාලුවන්ට ,උන්ගේ,ළමයින්ට මොන සැපද ? කාලා දිරවගන්ඩ බැරුව ඉන්නේ? ඒකටත් එක්ක අපේ ළමයි වින්දින දුකක්..දූෂිත දේසපාලුවන්ට හෙන ගැහුවත් මදි .
කාලකන්නි දේශපාලුවන් විසින් මේ රටට අත්කර දුන්න හා තවදුරටත් අත්කර දෙමින් සිටින විනාශයක තරම තමයි මේ.